IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


ආර්ථිකයට විණ කළ සය මසක්

මෙම වසරේ හරි අඩක් නිමාවන මේ මොහොතේ 2017 සඳහා පුරෝකථනය කළ ආර්ථික දැක්ම සාක්ෂාත් කර ගැනීමට උපකාරී වූ සිදුවීම් වලට වඩා අපට අසන්නට, දකින්න ලැබුණේ ආර්ථිකයට විණ කරන පුවත්මය. එම සිදුවීම් හමුවේ 2017 ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීමේ අපේක්ෂාව කොතෙක් දුරට ඉටු කර ගත හැකි ද යන්න විමසා බැලීම කාලෝචිතය. මේ ලිපිය වෙන් කරනුයේ ඒ පිළිබඳව විමසා බැලීමටය.

2016 ශ්‍රී ලංකා ආර්ථිකයේ කාර්යසාධනය සහ 2017 පුරෝකථන මුලින්ම සලකා බලමු.

(සංඛ්‍යා වගුව 1 බලන්න.) 4.4% කින් වර්ධනය වූ 2016 ආර්ථිකය, 2017 දී 5% ක වර්ධනයක් කරා යොමු කිරීම ඇස්තමේන්තු කර තිබුණත්, 2017 වර්ෂයේදීත් ආර්ථික වර්ධන වේගය 4.4% කට ම සීමා වන බව පීච් රේටින්ස් ආයතනය පසුගිය සතියේ ප‍්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන සාර්ව ආර්ථික රාමුව සංඛ්‍යා වගුව දර්ශකය 2016 2017

මූර්ත අංශය

  • ආර්ථික වර්ධක වේගය (%) 4.4 5.0
  • ඒක පුද්ගල ආදායම (ඩොලර්) 835 3938

විදේශ අංශය

  • අපනයන (ඩොලර් බිලියන) 10.3 11.4
  • ආනයන (ඩොලර් බිලියන) 19.4 20.6
  • වෙළෙඳ හිඟය (ඩොලර් බිලියන) 9.1 9.2

රාජ්‍ය මූල්‍යය

  • සමස්ත අය වැය හිඟං (ද.දේ.නි) 5.4 4.6
  • වාර්ෂික සාමාන්‍ය උද්ධමනය (%) 4.0 6.0

ඒ බව සනාථ කරමින් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2017 වර්ෂයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධක වේගය 3.8%ක් බව දැනටමත් ප‍්‍රකාශ කර තිබේ. මෙය 2016 වර්ෂයේ පළමු කාර්තුවේ වාර්තා වූ 5.3% ක වර්ධන වේගයට සාපේක්ෂව බලන විට දැඩි පසු බැසීමකි. මීට ප‍්‍රධානතම හේතුව වූයේ වසර 40ක පසු පැවැති දරුණුතම නියඟය සහ ගෝලීය ආර්ථිකයේ පසු බැස්මයි. දැඩි නියඟය හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ කෘෂි ආර්ථික කටයුතුවල වර්ධන වේගය 3.2% ක ඍණ වර්ධනයකට සීමා විය.

එය පෙර කාර්තුවේ දි වාර්තා වූ 8.4% ක ඍණ වර්ධනයට සාපේක්ෂවය. එසේම 2017 පළමු කාර්තුවේ දීකාර්මික ආර්ථික කටයුතුවල වර්ධනය 6.3% කට (පෙර කර්තුවේ 9.2% කි.) සේවා ආර්ථික කටයුතුවල වර්ධකය 3.5% කට (පෙර කාර්තුවේ 4.6% කි) අඩු විය. දැඩි නියඟය උතුරු පළාත, නැගෙනහිර පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාත යන පළාත් හතරටම දැඩි ලෙස බලපෑ අතර එය විශේෂයෙන් බලපෑවේ කෘෂි ආර්ථික කටයුතුවල පසු බැස්ම කෙරෙහිය.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා මෙන් නියඟයෙන් පීඩාවට පත් ආර්ථිකයට ඊළඟට බැට දුන්නේ වසර 14 කට පසු ඇතිවූ මහ ගංවතුර උවදුරය. 2004 වර්ෂයේ 35,000 කගේ ජීවිත හානි කළ සුනාමි ව්‍යසනයෙන් පසු මෑත කාලයේ එනම් 2014 කොස්ලන්ද කන්ද නාය යෑමෙන් අහිමි වූ ජීවිත 13, 2016 අරණායක කන්ද නායයෑමෙන් අහිමිවූ ජීවිත 48, 2016 ගංවතුරින් අහිමි වූ ජීවිත 93, 2017 මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් අහිමි වූ ජීවිත 32ට සාපේක්ෂව ජීවිත 208ක් අහිමි කිරීම මෙවර ගංවතුර නායයෑම් හේතු වූ අතර එම ආර්ථික කටයුතුවල පසුබෑස්මට දැවැන්ත බලපෑමක් සිදු කළේය.

මේ සිදුවීම් නිසා ආසියාවේ හරිත දුපත ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව දැන් දැන් දරුණු පාරිසරික ගැටලූ වාර්තා කරන රටක් බවට පත් විය. පාරාදීසය ලෙස හැඳින් වූ ශ‍්‍රී ලංකාව දැන් හඳුන්වන්නේ ප්ලාස්ටික් අයිලන්ඞ් කියාය. සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා දුෂණය කරන රටවල් 192 කින් ශ්‍රී ලංකාව 5 වැනි රට බවට පත්වීම ඊට හේතුවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන හැටියට මේ වන විටත් නායයෑමට ලක්විය හැකි ස්ථාන 1000ක් හඳුනාගෙන තිබේ.

නියඟයට හා ගංවතුර තර්ජන නිසා කෘෂිආර්ථික කටයුතු අතර ගැනෙන සහල් නිපැයුම 5.3%% කින් කුළුබඩු නිෂ්පාදන 6% කින්, සත්ව නිෂ්පාදිත 6.9% කින්, වන වගාව දැව හා වනාන්තර අශිත නිෂ්පාදන 9.3%කින් කරදිය හා මිරිදිය ධීවර කටයුතු 5.6% කින්, පලතුරු වගාව 10% කින්, තේ 6% කින්, රබර් වගාව 17% කින්, ඍණ වර්ධනයක් පෙන්නුම් කළේය. කෘෂි නිෂ්පාදිතවල ජාත්‍යන්තර ඉල්ලූම පසු බැසීම ද ඊට බලපෑ තවත් හේතුවක් විය.

ලෝක මට්ටමේ සිදුවූ යම් යම් සිදුවීම් විශේෂයෙන් ලෝක තෙල් මිල ගණන් ඉහළ යෑමට පටන් ගැනීම්, කටාර් රාජ්‍යයට ආර්ථික තහංචි පැනවීම් සහ ලෝක ආර්ථිකවල පසුබැසීම් හමුවේ ශ්‍රී ලංකාව ආර්ථිකයේ විදේශ අංශය පළමු මාස 6 තුළ දැඩි පසුබැස්මකට ලක්විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳ පරතරය 2017 පළමු කාර්තුව තුළ 35% කින් වැඩි වී ඩොලර් බිලියන 2.5ක් වාර්තා විය. ආනයන 14.9% කින් ඉහළ යෑමට සාපේක්ෂව අපනයන 1.3% ක අඩුමට්ටමකින් වර්ධනය වීම ඊට හේතුවයි. ආනයන වියදම් ඉහළ යෑමට ප‍්‍රධාන හේතුව වූයේ ආනයන තෙල් වියදම 99.3% කින් ඉහළ යාමය.

එම තෙල් මිල ගණන් ඉහළ යෑම සහ දේශීය තෙල් ඉල්ලූම ඉහළ යෑම යන කරුණු දෙකේ ඒකාබද්ධ ප‍්‍රතිඵලය විය. අපනයන ආධායම් පහළ යෑමට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ කාර්මික අපනයන මේ කාර්තුව තුළ 2.7% කින් පහත වැටීමය. මේ අතර තුර සංචාරක පැමිණිම ද පසුගිය මාස 3ක කාලයක් තුළ දිගින් දිගටම අඩු විය. මැයි මාසයේ සංචාරක පැමිණිමේ 2ග5‍්‍ර කින් අඩු විය. 121,891 ක් විය. මෙහි අවසාන ප‍්‍රතිඵලය වනුයේ පිට පිට දෙවරක් ගෙවුම් තුලනයේ සමස්ත ශේෂයෙන් පිළිවෙලින් ඩොලර් මිලියන 1489 (2015)සහ ඩොලර් බිලියන 500 (2016) ක් වූ හිඟය 2017 දීත් හිඟයක් බවට පත් වීමය. ඒ බව සනාථ කරන ෆිච් රේටින්ස් ආයතනයේ සම අධ්‍යක්ෂවරියක් වූ සාගරිකා චන්ද්‍ර මිය පවසන්නේ ගෙවුම් තුලනයේ ජංගම ගිණුමේ හිඟය 2017 දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා ඉහළ යන බවය. මීට පෙර පුරෝකථනය කර තිබුණේ 2.2% ක් ලෙසය. මීට හේතු වශයෙන් දක්වන්නේ ලෝක තෙල් මිල ඉහළ යෑම සහ කටාර් අර්බුදයයි.

එසේම වෙළෙඳ පරතරය ද 2017 අග වන විට 9.2 කට ඇස්තමේන්තු කර තිබුණත් එය ඩොලර් 9x10 අතර විය හැකි බවය. ශ්‍රී ලංකාව GSP සහනය ලැබීම වසරේ මුල් හය මාසය තුළ අපට වාර්තා වූ ධන පුවතකි. එහෙත් ඵල නෙලා ගත හැකි වන්නේ ඊළඟ වසරේ සිටය. මන්ද ඒකත් අප තවමත් එම සහන ලබා ගැනීමට හොඳ සූදානමක නොමැති වීමය. අනෙක යුරෝපා සංගම් ආර්ථිකය ද පසුබැස්මක සිටීමය.

වසර අග වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 5x6 ක මට්ටමකට පත් විය හැකිය. රටේ උද්ධමන වේගය ද මුල් මාසවල 7% - 8%  අතර මට්ටමකට ඉහළ යෑම ද මුල් මාසවල දේශීය විදේශීය බලපෑම්වල ප‍්‍රතිඵලයක් විය. එහෙත් එය වසර අග වන විට 5% - 6% අතර මට්ටමකටම අඩු කර ගැනීමට මහ බැංකුවේ මූල්‍ය ප‍්‍රතිපත්තිය කාර්යක්ෂමව මෙහෙයවීමට නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප‍්‍රමුඛ කණ්ඩායම කටයුතු කරමින් සිටි. මේ අතරතුර සෘජු විදේශ ආයෝජන රට තුළට ආකර්ෂණය කර ගෙන එය ඩොලර් බිලියන 2x3 අතර මට්ටමකට එසවීමට රජය සමත් වුවහොත්, සංචාරක ඉපයීම්ද වැඩිකර ගැනීමට සමත් වුවහොත් 2017 විදේශ ඉලක්ක 100‍්‍ර ක් කෙසේ වෙතත් ඊට ආසන්න මට්ටමකට පත්කර ගැනීමට අපට හැකිවනු ඇත. එය තීරණය වනුයේ ඊළඟ මාස 6 තුළ දේශීය විදේශීය ආර්ථික හා දේශගුණික බලපෑම් මතය.



අදහස් (6)

ආර්ථිකයට විණ කළ සය මසක්

ලුම්බිණි Tuesday, 20 June 2017 07:55 AM

මේ විග්‍රහය කල පුද්ගලයාගේ නම නැත්තේ මොකද?

:       0       2

Buddhika P. Tuesday, 20 June 2017 08:02 AM

තව භයානක පැති කීපයක් තියෙනවා. ඉඩම් බ්‍රෝකර් වරු නිසා ඉඩම් මිල 40% වැඩිය ප්‍රමාණයකින් ඉහල ගිහින්. අයිතිකාරය ලක්ෂ 20ට විකුනන්න ඇඩ් කරලා තියෙන ඉඩම, බ්‍රෝකර් ඇවිත් ටක් ගාල ලක්ෂ 28 කරනවා. රටේ සාමාන්‍ය කෙනෙකුට ඉඩමක් ගන්න බෑ. මුළු රට පුරාම මේක පැතිරිලා ගිහින්. සමුර්ධි මිනිස්සුන්ට තියෙන බලපත්‍ර ඉඩම් වලටත් මේක බෝවෙලා. අනික් පැත්ත හෝටල් අංශය . දැනට කෝටි 50 ඉඳල කෝටි 3 දක්වා හෝටල් 400 විතර විකුනන්න දාල තියෙනවා. මේක මේ රජය නිසා ඇති උනා කියන්න බෑ. මොකද පිළිකාව හොයාගත්තු වසර එකක්, ඇත්තටම ලෙඩේ හැදුනු කාලේ තව එකක්.

:       436       56

Buddhika P.Monday, 26 June 2017 03:55 PM

ප්‍රාග්ධන උද්දමනය මිල උද්දමනයක් දක්වා ඉතා ඉක්මනින් විතැන් වෙනවා, පුංචි ආර්ථික වපසරියක් නිසා තියෙන්නේ. මේ විදියටයි, දෙපල වෙළඳාම් කොම්පැනි රටේ උද්ධමනය බලපෑම් වෙන්නේ. හොටෙල් එකක් විකුනන්න දැම්මොත් මිලියන්ට 15කට, ටක් ගාල ගිහින් අයිතිකාරයව හම්බ වෙනවා. ඊළඟ සැරේ ඇඩ් වෙක යන්නේ, ඒ හොටලේම විකුනන්න මිලියන 20කට. මිලියන 5ක් නිකන්ම කොමිස්. ඉඩමක් විකුනන්න තිබුනත් මේ වගේ. මෙතන තනිකරම වෙන්නේ, ආර්ථිකයට රිණ දායකත්වයක්. නමුත් ඩුබායි /සිංගප්පුරු වගේ රටවල ඉන්න දේපල බ්‍රෝකර් ල, ඒ රටවලට විදේශ විනිමය ගේනවා.

:       0       17

smith Tuesday, 20 June 2017 11:30 AM

කිතුල් ගහට ගිය කෙනාටත් කියන්න දෙයක් තිබුනලු!

:       2       45

hewawitharana newyork Tuesday, 20 June 2017 08:48 PM

ඔක්කොම හොරු

:       0       61

දිනේෂ් Wednesday, 21 June 2017 02:56 AM

ලෝක තෙල් මිල වැඩිලු. ඉතින් ලෝක තෙල් මිල අඩු වුණාම ඒ සහනය අපට දුන්නද? සංචාරක පැමිණීම අඩුයිලු අගමැතිතුමයි, ජනාධිපතිතුමයි මාරුවෙන් මාරුවට රට ගිහිල්ල ඕකද කරගත්තේ? ජී.එස්.පී. සහනයේ ප්‍රථිඵල තාම නෙලා ගන්න බැරිව තාම පුටු රත්කරල ඉවර නැද්ද? රට කරන්න බැරිනම් බෑ කියල යන එකනේ තියෙන්නේ...

:       1213       2054

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මන්ත්‍රීවරුන්ගෙන් සියයට 60කට වඩා මගේ මිතුරන් - ’’ක්ලබ් වසන්ත’’
2024 ජුලි මස 09 6155 8

අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකුවූ ක්ලබ් වසන්ත නොහොත් සුරේෂ් වසන්ත පෙරේරා, ඊයේ (08) මියගිය අතර ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ ධනූට කියන්න


ෂැංග්හයි සහයෝගීතාව යුරේසියාවට
2024 ජුලි මස 02 404 1

ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ (SCO) සාමාජික රටවල රාජ්‍ය නායක සමුළුව, ජූලි 3 සහ 4 දෙදින කසක්ස්තානයේ, ඇස්තානා අගනුවර දී පැවැත්වෙයි. මෙය, ෂැංග්හයි සහයෝගීතා සංවි


‘පන්නෛයි පක්කම්’ කියමින් දකුණ ඇල්ලූ උතුරේ ටික්ටොක් තරුව ශෝජන්
2024 මැයි මස 10 2103 1

මම සිංහල වේග රිද්මයේ ගීතත් අහනවා. එහෙම අහපු ගීතයක් තමයි “මේ කමනි” ගීතය. ඒ ගීතයේ සංගීතයට මං ආස වුණා. මුලදී මම ඒ ගීතයට බටහිර නර්තනයක් ඉදිරිපත් කළා. පස්සේ මට


මල් විකුණගන්න කිලෝමීටර් 4-5 ක් උඩට පහළට දුවනවා, දවසකට කිලෝමීටර් 15-20 ක් දුවනවා ඇති - චීනය දිනූ ලංකාවේ මල් කුමාරයා කියන කතාව
2024 මැයි මස 07 5548 5

චීනයේ කෝටි 13කට අධික පිරිසකගේ සිත් සොරාගත් ශ්‍රී ලංකාවේ මල් කුමාරයෙකු පිළිබඳව තොරතුරු මේ දිනවල මෙරට හා විදෙස් රටවල විවිධ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතා



දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3904 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site