
නිමල කොඩිතුවක්කු
අලුතින් සංචාරක කලාප 13 ක් හඳුනාගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
යාපනය - කුච්චවෙලි, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව එහි ප්‍රකාශකයකු පැවසීය.
මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති අතර එයට අමතරව මෙම නව සංචාරක කලාප හදුන්වාදීමට නියමිතය.
වසරේ ගතවූ මුල් දින නමය තුළ සංචාරකයන් 70944 ක් මෙරටට පැමිණ ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
2024 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව විසි ලක්ෂ පනස්තුන්දහස් හාරසීය හැටපහකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd