IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


අංගමාර රෝගයෙන් බිබිල තක්කාලි වගාවට බැට

(ඉන්දික අරුණ කුමාර)
 
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බිබිල ප්‍රදේශයේ තක්කාලි වගාවලට අංගමාර නම් දිලීර රෝගයක් ව්‍යාප්තව ඇතැයිද, මේ හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමකට ලක්ව ඇතැයිද ගොවීහු කියති.
 
අක්කර 100කට ආසන්න ප්‍රමාණයක තක්කාලි වගාවන්ට හානි වී ඇතැයිද ඔවුහු පවසති.
 
පසුගිය දිනවලදී ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් මෙම රෝග වගාවන්ට බෝවී ඇතැයිද, තක්කාලි ගෙඩිවල කළු පුල්ලි හටගෙන විශාල වශයෙන් බිම පතිත වන බවද ගොවිහු කියති.

බිබිල ප්‍රදේශයේ තක්කාලි ගොවියෙකු වන සී. එස්. සූරියආරචිචි (68) මහතා   කියාසිටියේ සිය වගාවේ තක්කාලි ගෙඩි කුණුවී විනාශ වී ඇති බවයි.

දංවැහැර වැවෙන් ජලය සපයාගෙන වගාකටයුතු කළ 100ට අධික ගොවීන් පිරිසක් වැඩි අස්වැන්නක් අපේක්ෂාවෙන් මෙවර තක්කාලි වගාවට යොමුවී සිටියද, වැසි සහිත කාලගුණය හේතුවෙන් වගාවන්ට පොහොර යෙදීමට බාධා එල්ල වූ බවද ඔවුහු පවසති.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 30 ත් 40 ත් අතර පැවතීම හේතුවෙන් සිය අස්වැන්නෙන් ද කිසිදු ප්‍රයෝජනයක් ලබාගත නොහැකි බව ද ගොවීහු කියාසිටිති.



අදහස් (2)

අංගමාර රෝගයෙන් බිබිල තක්කාලි වගාවට බැට

Nimal Tuesday, 19 November 2019 03:06 PM

මෙම තක්කාලි ගොවීන්ට මේ වගාව සඳහා ඊශ්‍රායල් දේශයේ වගා තාක්ෂණ උපදෙස් ලබා දීමට කටයුතු කරනවා නම් එය ඔවුන්ට ඉතා අගනා සේවයක් වේවි. මා දන්නා හැටියට දැනට මේ සම්බන්දයෙන් ඊශ්‍රායලයේ තාක්ෂණ දැනුම ඉන්දියාවේ තක්කාලි ගොවීන්ට ලබා දී තිබෙනවා එමෙන්ම වඩා පලදාවක් ලබා ගන්නා තක්කාලි වර්ග ඔවුන්ට හඳුන්වා දී තිබෙනවා. මුළු ලෝකයෙන්ම පලතුරු එළවලු වගාව සහ කිරි එළදෙනුන් ඇති කිරීම ජල බින්දු තාක්ෂණය යනාදිය සම්බන්දයෙන් ඉතා දියුණු මට්ටමකට පත් වී ඇති රටක් ඊශ්‍රායලය.

:       0       10

KumarFriday, 22 November 2019 07:49 PM

නිමල්, හැකිනම් කැලිෆෝනියාවට ඇවිත් බලන්න. එකකොට කියයි ඔයා කියන රටේ තිබෙන්නේ පාෂාණ යුගයේ තාක්ෂණය කියලා. මෙහෙ අක්කර දහස් ගණන් තක්කාලි වවනවා. නමුත් ලංකාවේ රෝගය ගැන අහලා නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2542 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site