

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ අයවැය ලේඛනය (2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත) දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12) පස්වරු 2.00 ආරම්භ කිරීමට නියමිතය බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.
මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි.
මෙම පනත් කෙටුම්පත මුදල් ඇමතිවරයා විසින් පසුගිය මස 07 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරිණ.
මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතළිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70 වක් මේවා පෙන්නුවා.... දැන් අපිට කන්ඩත් නැහැ... ඔයාල ගහලා මොක්කක් හරි ඉතුරුවෙලා තිබ්බොත්... විකුනන්න.
අපිත් ඊයේ ලෑස්ති උනා . අත්‍යාවශ්‍ය බඩු ටිකක් ගත්තා . පෙට්ර්රල් ටැංකිය එහෙමත් ෆුල්.
වෙලද පොලට උවමනා ද්‍රව්‍ය සැපයිමට රජය. අපොහොසත් උදාහරණයක් රටට උවමනා අල, තක්කාලි, ලික්ස්, ගොවා, ඇතුලු එලවළු අවුරුද්දකට උවමනා ප්‍රමානය දැනගෙන වගාකිරිමට කටයුතු කිරිමට කෘෂිකර්ම අමාත්‍ය අංශයෙ ප්‍රධාන කාර්යභාරයක් ප්‍රමානයට වැඩිය එලවළු වෙලද පොලට පැමිනියාම මිල බැසිමෙන් ගොවියා අමාරුවෙ වැටෙනවා.
අපේ රටේ ආර්ථික ඔස්තාර්ලගෙ කුණු කතා ගොඩක් අහන්න පුලුවන් වෙයි ඕකෙන් පස්සෙ.
අයියලා මල්ලිලා රට කනවා හැමදාම. මහල්ලෝ හිටියා ඇති පේනවා නේද ක්‍රියාශිලි මිනිස්සු ඕන කියලා හිටගෙන ඉන්න පන නෑ. තව කොහෙද රටක් කරන්නේ පැය කිපයක් හිටගෙන අයවැය කියවගන්න බෑ අලුත් වෙනසක් කරන්න ඕන තරුණපෙළක් හදන්න ඕන කියන්නේ එකනේ.... අපේ රට කෑවා ඇති.
මෙතන සඳහන් කරපු කිසි දෙයක් තාම පාර්ලිමේන්තුවෙන් නීති ගතකරලා නැත.
ඔච්චර ගැම්මක් තියෙනවානම් ඔය හැම පොරොන්දුවක්ම හෙට ඉඳලා ක්‍රියාත්මක කරන්නකෝ.
ඔය කියපු හොඳ වැඩවලින් 1% 2% ක් ඉටු කලත් අපි යලි පොහොට්ටුවට තමයි. කියන ඒවා තරම් සුන්දර නැහැ කරන ඒවා.
ඒක හොඳයි.
මට නං පේන්නෙ මේක පක්ශයක ප්‍රතිපත්ති විකාශනයක් වගෙයි. ගැබිනියන්ට දෙනවාය කියූ සහන මල්ල කො.
මේ ගොඩක් දේවල් කරන විදිය කියල නැති නිසා මට බරක් වෙනුවට බයක් දැනුනා. ඔයාලටත් එහෙමද?
මටනං පොඩි බරක් වගේ දැනුනා....!
උපාධිදාරීන්ට උගන්වලා රස්සාවත් දෙන්න ? එච්චර තොගයක් ඉඳලත් ඇයි රාජ්‍ය සේවය මෙච්චර කම්මැලි ?