IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මීමුරේ කණිෂ්ඨයට සාපෙළෙන් විශිෂ්ට ජයක්

(පාලිත මඩුගල්ලේ)

උඩදුම්බර හුදකලා ගමක පිහිටි මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 12 දෙනාගෙන් 10 දෙනකු විශිෂ්ඨ ලෙ ප්‍රතිඵල ලබාගනිමින් උසස් පෙළට  සුදුසුකම් ලබාගෙන ඇතැයි තෙල්දෙණිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂිකා කේ.වී. මලර් මහත්මිය ප්‍රකාශ කළාය.

මොවුන්ගෙන් 8 දෙනකු ඉංග්‍රීසි විෂය සමත් වීම විශේෂ කාරණයක් බවද මලර් මහත්මිය පැවසුවාය.

මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති සී.කේ. චන්ද්‍රකුමාර මහතා ප්‍රකාශ කළේ ගුරු මහත්ම මහත්මීන් වෙහෙස මහන්සි වී ක්‍රියා කළ නිසා මෙවැනි උසස් ප්‍රතිඵලයක් අත් කර ගැනීමට හැකි වූ බවයි. එම සිසු සිසුවියෝ විශිෂ්ට සාමාර්ථ 17ක්, බී සමාර්ථ 13 ද, සී 34 සාමාර්ථ සහ එස් සාමර්ථ ද 22ක්ද වශයෙන් ලබා විභාගය ජයගෙන සිටිති.

විභාගය විශිෂ්ට ලෙස සමත් වූ අංජලී පබසරා, පබෝද්‍යා ගිම්හානි, උදයන්ගනී යාපා, සමිතා රසාංජලී, ශෂිකා දිල්රුක්ෂි, පන්සිළු ෂෙහාන්, පියුමාල් චතුපා, එරන්ද පියුමාල්, ලෝඩන බණ්ඩාර සහ සඳරු බණ්ඩාර යන සිසුන් ඡායාරූපයේ සිටියි.

 



අදහස් (0)

මීමුරේ කණිෂ්ඨයට සාපෙළෙන් විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 371 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site