(නිමල කොඩිතුවක්කු)

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති, අදියුරු,  රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණ.

විදුහල්පති ගරු මාධවී ඉලංගසිංහ පැවිදි සොයුරිය සහ ආචාර්‍ය මණ්ඩලයේ මගපෙන්වීමෙන් ක්‍රිස්තුරාජයීයන්ගේ සහභාගිත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්විණි.  

අධ්‍යයන සහ විෂය බාහිර ක්‍රියාකාරකම් මගින් කුසලතා දැක්වූ සිසු සිසුවියන් මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. 

2025  වසරේ විද්‍යාලය තුළ සහ ජාතික  මට්ටමේ විශිෂ්ට කුසලතා  අගමින් කින්ග්ලියන් මෙරූන් සම්මානයට පාත්‍ර වූයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායිකා ඈන් මලීෂා නෙත්මිනි ශිෂ්‍යාවයි. එමෙන්ම වසරේ විශිෂ්ට ශිෂ්‍යා ලෙස හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක හරිදු හිම්සර රාජපක්ෂ සහ විශිෂ්ට ශිෂ්‍යාව ලෙස මයුරි තක්ෂිලා මැදගෙදර සම්මානයට පාත්‍ර විය.  

තවද  ගුරු සේවයේ   වසර 25ක්   නියැලෙමින්  පාසලට කළ මෙහෙවර අගයමින් විශාරද මල්කුමාරි ගීතරාණි ගුරු මහත්මියය සම්මානයෙන් පිදුම් ලැබීය.