IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තෙල්දෙණිය ජාතික පාසලට 120 ක්

(එච්. එම්. හේරත්)

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි තෙල්දෙණිය ජාතික පාසලට වසර 120ක් සපිරීම නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කෙරේ.

මෙම පාසල1905 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර මේ වන විට අධ්‍යාපන කටයුතු, විෂය බාහිර හා විෂය සමගාමී කටයුතු වලින් ජාතික මට්ටමේ විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් ව ඇති පාසලකි.

මෙම 120 වැනි සැමරීමට සමගාමීව සංවිධානය කරන ලද විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය තෙල්දෙණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ටී. එම්. එස්.තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  පාසල් පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි.

මෙම ප්‍රදර්ශනය “Innovista 25” යනුවෙන් නම් කර පැවැති අතර මෙහිදී  දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කරමින් විද්‍යා හා තාක්ෂණ විෂයන්ට අදාළ ප්‍රායෝගිකත්වය යොමු කිරීමට පසුබිම උදා කිරීමට පියවර ගෙන පැවති අතර නිපුණතා පාදක අධ්‍යාපනයට නව අර්ථයක් ලබාදෙමින් මෙම  ප්‍රදර්ශනය සංවිධානය කර පැවතීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනයට මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් අතර පැවැති ජල රොකට් තරගාවලියේ ජයග්‍රාහකයින් සඳහා සහතික පත්  පිරිනැමීම ද සිදුවිය.

පාසලේ විදුහල්පති සංජීවනී වීරක්කොඩි මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා තෙල්දෙණිය කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වන රංජිනී සෙනවිරත්න, විනෝකාදීගල යන මහත්මීන්, අවට විදුහල්වල විදුහල්පතිවරුන්,ආදි සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 



අදහස් (0)

තෙල්දෙණිය ජාතික පාසලට 120 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 260 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site