IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට

(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)

ගාල්ල ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ  වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය විජය සහ අද පුවත්පත්වල ප්‍රධාන  කර්තෘ දුමින්ද සංජීව බාලසුරිය සහ ඇලෝෂියස් විදුහලේ ආදි ශිෂ්‍ය ලංකාදීප පුවත්ප⁣තේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ නිරෝෂණ ගොඩැල්ලගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (04) වන දා එම විදුහලේ දී පැවැත්වුණි.

දුමින්ද සංජීව බාලසුරිය , නිරෝෂණ ගොඩැල්ලගේ සහ ඇලෝෂියස් විදුහල්පති පුබුදු සම්පත් යන මහත්වරුන් ඇතුලු අමුත්තන් පිරිසක්  පොල් තෙල් පහනක් දල්වා චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කළහ.

ඇලෝෂියස් විදුහලේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ චිත්‍ර නිර්මාණ 270 ක් මෙම ප්‍රදර්ශනයට තබා ඇත. ජාතික මට්ටමේ චිත්‍ර තරගවලින් ජයගත් සිසුන්ගේ චිත්‍ර නිර්මාණද මෙහි ප්‍රදර්ශනයට තබා ඇත.

එම විදුහලේ  ප්‍රාථමික අංශයේ චිත්‍ර කලා ආචාර්ය බන්දුල පෙරේරා මහතාගේ මෙහෙයවීම මත චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. චිත්‍ර ප්‍රදර්ශනය අද (04) සහ හෙට (05) පැවැත්වේ.



අදහස් (1)

ගාල්ල ඇලෝෂියස් විදුහලේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය අද සහ හෙට

සදමිත Monday, 04 November 2024 06:34 PM

හොඳට තිබුණා... හරිම ලස්සනයි..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site