
(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ පැවති ''ගුරු වරම්'' දීමේ කළඑළි මංගල්‍ය උත්සවය අමතමින් පැවසුවේය.
සබරගමු නටුම් සම්ප්‍රදාය හැදෑරෑ පාසල් සිසු සිසුවියන් තිස් තුන් දෙනෙකුගේ වෙස් තැබීමේ කළඑළි මංගල්‍ය හෙවත් ගුරුවරම් දීමේ උත්සවය 15දා රත්නපුර හිදැල්ලන සිවලී මධ්‍ය විද්‍යාලයිය පරිශ්‍රයේදී උත්කර්ශවත් අන්දමින් සිදුවිය.
උඩරට සහ පහතරට නැටුම් සම්ප්‍රදාය නර්ථන විෂය යටතේ පාසලේ ඉගැන්වෙයි. නමුත් සබරගමුවට ආවේනික සබරගමු නැටුම් විෂය මෙතෙක් සීවලි මධ්‍ය විද්‍යාලයිය නර්ථන විෂය ලැයිස්තුවට ඇතුළත් කර නැති නිසා එලෙස ඇතුළත් කරන බවද විදුහල්පතිවරයා කීවේය.
විද්‍යාලයේ නර්ථන ආචාර්ය රවින්ද්‍රනාත් මුතුගල සහ සුනේත්‍රා මුතුගල ගුරු යුවළ යටතේ සබරගමු නර්ථනය හැදෑරෑ විද්‍යාලයේ සිසුන් 6 දෙනෙක සහ සිසුවියන් 27 දෙනෙක් මෙදින වෙස් තබනු ලැබීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.