IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීගහවෙල කනිටු විදුහලට ‘අකුරට රැකුලෙන්’ අත-හිත

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයේ පළමු වසර සිසුන් විසින් සංවිධානය කරන ලද “අකුරට රුකුලක්-2023”‍ දෙවන අදියර  බ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලයේදී අති සාර්ථකව පවත්වනු ලැබීය.

බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 12 දුරින් සහ බදුල්ල-මහියංගණය ප්‍රධාන මාර්ගයේ සිට ක.මී.1 ක් පමණ දුර ප්‍රමාණයකින් බ/මීගහවෙල කනිෂ්ඨ විද්‍යාලය පිහිටා ඇත.

සිසු සිසුවියන් 42 දෙනෙකුගෙන් සහ ගුරු මණ්ඩලය 11 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසල ආර්ථිකමය සහ යටිතල පහසුකම් ආදියෙන් දැඩි දුෂ්කරතා හමුවේ පවත්වාගෙන යනු ලබන අතර ජල සැපයුමක් නොමැති වීමෙන් පානීය ජල ගැටලු‍වකින් ද, ප්‍රධාන මාර්ගයේ සිට පාසල දක්වා පැමිණෙන මාවතේ බස් රථ ගමනාගමනයක් සිදු නොවීම හේතුවෙන් ප්‍රවාහන ගැටලු‍වකින් ද පීඩා විඳියි.

මෙලෙස දැඩි දුෂ්කරතා හමුවේ වුව සිය අධ්‍යාපනය අත් නොහළ ඔවුන් වෙනුවෙන් “අකුරට රුකුලක්-2023”‍ ව්‍යාපෘතිය යටතේ පාසලේ ගණිත කාමරයට සහ ඉංග්‍රීසි කාමරයට විදුලිය සැපයීම සහ අත්‍යවශ්‍ය උපකරණ ලබාදීම, පාසල් පුස්තකාලයට අවශ්‍ය පොත්පත් ලබාදීම සහ පාසලේ සංවර්ධන කටයුතු සිදුකිරීම යනාදිය ක්‍රියාත්මක කරන ලදී.

ලෝක ළමා දිනය වෙනුවෙන් සැමරුමක් ද සංවිධානය කර තිබූ අතර එහිදී පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් විනෝද ක්‍රීඩා, නර්තන සහ ගායන අංග සංවිධානය කර තිබිණි. එමෙන්ම සෑම සිසු දරුවෙකුටම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.

මේ සඳහා මූල්‍යමය දායකත්වයෙන් සහයෝගය දෙනු ලැබූයේ උසස්පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දේශක ලසිත ප්‍රසාද් මහතා සහEfutures, Aeturnm, Zzappit යන මෘදුකාංග සමාගම් විසිනි. පාසලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලයෙන්, දෙමව්පියන්ගෙන් සහ සිසු සිසුවියන්ගෙන් ලැබුණු නොමඳ සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට උපකාරී විය. තොරතුරු සහ තාක්ෂණ අධ්‍යයන අංශ ප්‍රධානී කථිකාචාර්ය චිරන්ත ජනනාත් කිතුල්වත්ත මහතාගේ මගපෙන්වීමෙන් සහ සිසු සිසුවියන්ගේ සාමුහිකත්වයෙන් “අකුරට රුකුලක්-2023”‍ සාර්ථක ව පැවැත්වී ය.

 



අදහස් (0)

මීගහවෙල කනිටු විදුහලට ‘අකුරට රැකුලෙන්’ අත-හිත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 355 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site