
කොස්ගම විද්‍යාර්ථ විද්‍යාලයේ දෙවන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම 19 වැනි දා පෙරවරු 9.00 විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
විද්‍යාර්ථ සදහම් පූජා, විද්‍යාර්ථ උත්තම රුහිරු පූජා, විද්‍යාර්ථ පැනසර, 2024 පා ගමන, විද්‍යාර්ථ සහෝදරත්වයේ සුරත ආදි වැඩසටහන් රැසක් විද්‍යාර්ථ දෙවන සැමරුමට සමගාමීව ක්‍රියාත්මක වීමට නියමිතය.
උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාර්තා සහිත පාසක් සහිත1AB මිශ්‍ර පාසලක්වන විද්‍යාර්ථ විද්‍යාලය සිංහල සහ ඉංග්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය හසුරුවන පාසලකි. සිසුහු 1200ක් පමණ එහි ශිල්ප හදාරති.
හෝමාගම කලාප අධ්‍යක්ෂ හේමන්ත ගමගේ ඇතුළු පිරිසක් උත්සව අවස්ථාවට සහභාගී වෙති.
COMMENTS