(දයාරත්න ඇඹෝගම)

සමස්ත ලංකා නර්තන තරගයේ ගොක්කොල හා කැටයම් අංශයෙන් 2024 වසරේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට අනුරාධපුර තලාව හිරිගොල්ලේගම විදුහලේ එකළොස් වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දාසය හැවිරිදි ටී.උදාර සිතුම් තිලකරත්න සිසුවා සමත් විය.

මෙම සමස්ථ ලංකා නර්තන තරගය ගම්පහ, කැප්පිටිපොල විදුහලේ දී පසුගිය අටවැනි දින පැවැත්විණි. එහිදි දිවයිනේ පළාත් නවයක සිසු සිසුවියන් අභිබවා එම ගොක් කොළ හා කැටයම් තරගාවලියෙන් මුළුදිවයිනේම ප්‍රථම ස්ථානය ලබාගැනිමට ටී.උදාර සිතුම් තිලකරත්න සිසුවා සමත් විය.

කෙසෙල් කදන් භාවිතා කරමින් ශාන්ති කර්ම සදහා භාවිතා කරන මල් යහනක ආකෘතිය සදහා මෙම ජයග්‍රහණය හිමිව තිබේ.