බි්රතාන්ය රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී රාජ්‍ය තොරතුරු ලබා ගත් බවට චෝදනා එල්ල වූ එරට ‘ද සන්’ පුවත්පතේ මාධ්‍යවේදීහු පස් දෙනෙක් පෙරේදා (11) පොලිස් අත්අඩංගුවට පත්වූහ. මාධ්‍යවේදීන්ගෙන් අල්ලස් ගෙන රාජ්‍ය තොරතුරු ලබා දුන්නේ යැයි බි්රතාන්ය ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියකු, හමුදා නිලධාරියකු සහ පොලිස් නිලධාරියකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් මාධ්‍යවේදීන් පස්දෙනා අතර පුවත් පතේ නියෝජ්‍ය කර්තෘවරයා ද සිටියි. එම අත්අඩංගුවට ගැනීම් බාධාවක් කර නොගෙන පුවත්පත දිගටම මුද්‍රණය කරන බව ‘ද සන්’ පුවත්පත අයත් ‘නිවුස් ඉන්ටර්නැෂනල්’ ආයතනයේ හිමිකරු රූපට් මර්ඩොක් පවසයි. ප්රවෘත්ති මූලාශ්‍ර ලබා ගැනීමේ අරමුණින් බි්රතාන්ය වැසියන්ගේ දුරකතන සංවාදවලට හොරෙන් කන්දුන් බවට චෝදනා එල්ල වීමෙන් පසු ඉකුත් ජූලි මාසයේ වසා දැමුණු ‘නිවුස් ඔෆ් ද වර්ල්ඩ’ ටැබ්ලොයිඞ් පුවත්පතේ හිමිකරු ද රූපට් මර්ඩොක්ය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd