2021 වර්ෂය වන විට තමන්ට රියදුරන් නොමැති මෝටර් රථ භාවිතා කළ හැකි බව එක්සත් රාජධානිය නිවේදනය කරයි.
එක්සත් රාජධානියේ ස්වයංක්‍රීය මෝටර් රථ භාවිතය අලුත් තාක්ෂණය ඉදිරි පියවරක් බව එංගලන්ත ඇමැතිවරු පවසති.
2021 වන විට එක්සත් රාජධානියේ මාර්ග සම්පූර්ණයෙන්ම මෙම මෝටර් රථ ධාවනය කිරීම හැකිවන ලෙස සකස්කරන බව ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
රියදුරන් රහිත මෙම මෝටර් රථ සඳහා විශාල ප්‍රසිද්ධියක් ඇති වන බැවින් 2035 වර්ෂය වන විට එහි වෙළඳපොළ වටිනාකම පවුම් බිලියන බිලියන 52 (ඩොලර් බිලියන 67) ක් වනු ඇතැයි ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක මට්ටමේ පර්යේෂණ පදනම් කරගනිම්න් ප්‍රවාහන තාක්ෂණය දියුණු කිරිම සහ ස්වයංක්‍රීයකරණය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියට ස්තූතිය පළකරන බව ප්‍රවාහන ඇමැති ජෙස්සේ නෝමන් මහතා කීවේය.
ආණුඩුව ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව සඳහා සහය ලබා දෙන බවද ඔහු පැවසුවේය.
(63226)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2021 වෙද්දී අපටනම් රියදුරන් සහිත තබා බයිසිකලයක්වත් ගන්න බැරිවෙයි මේ ආණ්ඩු වල මනා සැලසුම් නිසා