මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා යන ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදෙනාට පිරිනැමෙන බව නොබෙල් කමිටුව පවසයි. මිනිස් සිරුරේ සෛල පිටස්තර සංඥාවලට ප‍්‍රතිචාර දැක්වීමට ආධාර වන ප්‍රෝටීන ග‍්‍රාහකයන් පිළිබඳව මෙම විද්‍යාඥයන් දෙදෙනා විසින් සිදු කරන ලද අධ්‍යනයන් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය ඔවුන් දෙදෙනාට පිරිනැමීමට තීරණය කළ බව නොබෙල් කමිටුව කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා කළ නව සොයා ගැනීම් හේතුවෙන් දියවැඩියාව, පිළිකා සහ ආතතිය වැනි රෝගවලට ප‍්‍රතිකාර සෙවීමට වෛද්‍යවරුන්ට මහත් පිටුවහලක් වී ඇතැයි ද නොබෙල් කමිටුව වැඩි දුරටත් කියා සිටී. රොබට් ලෙෆ්කොවිට්ස් සහ බ‍්‍රයන් කොබිල්කා