IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ෆේස්බුක් හරහා ලිංගික වෙළඳාම් - ටෙක්සාස් කතකගෙන් නඩු

ෆේස්බුක්   සමාජ ජාලය හරහා ලිංගික වෙළෙඳාම සිදුවන බවට එම සමාගම දැනුම්වත් යැයි චෝදනා කරමින්  ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ කාන්තාවක එම සමාගමට එරෙහිව නඩු පවරා ඇත. 
 
වයස අවුරුදු 15 දී ෆේස්බුක් “මිත්‍රයකු” අතින් තමන් අතවරයටත්, පහර කෑමටත් ලක්වූ බව සඳහන් කර ඇති එම කාන්තාව තමන් ලිංගික ජාවාරමේ යෙදවූ බව ද සඳහන් කර ඇත.
 
ෆේස්බුක් සමාජ ජාලය තුළ ලිංගික වෙළෙඳාම ජාවාරමක් ලෙස සිදුවන බව හා කුඩා දරුවන් ඊට ගොදුරු වන බව  එම සමාගමේ විධායක නිලධාරීන් දන්නා බව  එම කාන්තාව ප්‍රකාශ කර ඇත. 
 
හූස්ටන් හි හැරිස් දිස්ත්‍රික් අධිකරණයට ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රමවේදයට අනුව මෙම කාන්තාව අදාළ අධිකරණ ලේඛන බාර දී ඇති අතර ඇයගේ අනන්‍යතාව හෙළිදරවු කර නොමැත. 
 
රොයිටර් පුවත් සේවය මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමෙන් ප්‍රකාශයක් ලබාගැනීමට උත්සාහ කළත් සමාගම ඊට ප්‍රතිචාර නොදැක්වීය. දැන්වීම් වෙබ් අඩවියක් වන බැක්පේජ් සහ එහි නිර්මාතෘවරුන් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර තිබෙන අතර එම වෙබ් අඩවියේ නීතිඥවරුන් හෝ එහි අයිතිකරුවෝද මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූහ.
 
එම සමාගමේ සේවකයන් ද මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත. 
 
කාන්තාව චෝදනා කරන පුද්ගලයා 2012 වසරේදී ඇය සමඟ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ කතා බහ කර ඇතැයි අදාළ කාන්තාව ගොනු කරන ලද නඩුවේ සඳහන්ව ඇත. අදාළ කාන්තාවගේ සැබෑ ජීවිතයේ මිතුරන් චෝදනා ලැබ සිටින පුද්ගලයාගේ ෆේස්බුක් මිතුරන් බව ද එම ලියකියවිලිවල සඳහන්ව ඇත. 
 
මෙම කාන්තාව එක් අවස්ථාවකදී තම මව සමඟ රණ්ඩුවක් ඇති කරගෙන තිබෙන අතර එහිදි චෝදනාවට ලක්ව සිටින පුද්ගලයා කාන්තාව සැනසීමට ඉදිරිපත් වී ඇත. ඇයව නිවසින් රැගෙන ගොස් ඇති එම පුද්ගලයා පසුව එම කාන්තාවට පහර දී අතරවරයට ලක් කර නිරුවත් ඡායාරූප ගෙන එම ඡායාරූප බැක්පේජ් වෙබ් අඩවියේ පළ කර ඇත. 
 
එම පුද්ගලයාගේ අනන්‍යාතව සොයාගැනීමට ෆේස්බුක් සමාජ ජාලය කිසිවක් කළේ නැතැයි කාන්තාව චෝදනා කර තිබෙන අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ලිංගික ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන බවට සමාගම කිසිදු අවස්ථාවකදී අනතුරු ඇඟවා නැති බවට ද එම කාන්තාව චෝදනා එල්ල කර ඇත.  
 
මේ අතර මේ වසර ආරම්භයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව කරන ලද විමර්ශනයකින් අනතුරුව බැක්පේජ් නැමැති වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කරන ලදි. 
 
රොයිටර් 
 
055



අදහස් (0)

ෆේස්බුක් හරහා ලිංගික වෙළඳාම් - ටෙක්සාස් කතකගෙන් නඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site