IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ෆේස්බුක් හිමිකරු ඇමෙරිකාවේ සෙනට් සභිකයන් හමුවෙයි


                                                                                       
වොෂින්ටන්හිදීය/සැන් ෆ්‍රැන්සිස්කෝහිදීය (රොයිටර්)
 
ලොව ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස හැඳින්වෙන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් අඟහරුවාදා (10) එක්සත් ජනපද සෙනට් සභිකයන් හමුවේ පෙනි සිටියේය.
 
ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රස් ‘ඇසීම්’ දෙකක් හමුවේ පෙනි සිටිමින් මාර්ක් සකර්බර්ග් සෙනට් සභිකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේය. ෆේස්බුක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ද වන මාර්ක් සකර්බර්ග් මෙහිදි පැය පහකට ආසන්න කාලයක් සෙනට් සභිකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අතර ෆේස්බුක් සමාජ ජාල භාවිත කරන්නන්ගේ දත්ත පිටතට ලබාදීම, රුසියානු නියෝජිතයන්ට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වීමට සැලැස්වීම යනාදි කරුණු සම්බන්ධයෙන් වගකීම බාරගත් අතර සමාව ද අයැද සිටියේය.
 
පසුගිය කාලයේදී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට දැඩි ලෙස චෝදනා එල්ල විය. කේම්බ්‍රිජ් ඇනලිටිකා දේශපාලන උපදේශන සහ විශ්ලේෂණ සමාගමට ඇමෙරිකා ජාතිකයන් මිලියන 50කට ආසන්න සංඛ්‍යාවකගේ පෞද්ගලික දත්ත ලබාදීම, ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා නොකිරීම, වෛරී සහ අසත්‍ය ප්‍රකාශ පැතිර යෑම, රුසියා නියෝජිතයන් 2016 වසරේ පැවැති ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට මැදිහත් වීමට අවකාශ සැලැසීම යන චෝදනා රැසක්ම ඒ අතර විය. 
 
තිස්තුන් වියේ පසුවන ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු සහ අන්තර්ජාල ව්‍යාපාරිකයකු වන සකර්බර්ග් නිශ්චිත පොරොන්දු කිසිවක් නොදුන්නත් එක්සත් ජනපද සෙනට් සභාවේ වාණිජ සහ අධිකරණ කමිටු දෙක හමුවේ අදහස් දක්වමින් නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිගත්තා පමණක් නොව ඊට එකඟත්වය ද පළ කළේය.
 
“මම මගේ කණ්ඩායම සමඟ සාකච්ඡා කරනවා. විවිධ අංශවලින් මම මේ ගැන සාකච්ඡා කරනවා. මම හිතනවා මේ සාකච්ඡාව විය යුතු දෙයක්” කියලා නියාමනය කළ යුතු සෙනට් සභිකයන් විමසූ අවස්ථාවේදී පිළිතුරු දෙමින් සකර්බර්ග් කීය. 
 
සකර්බර්ග් සෙනට් සභිකයන් හමුවේ පිළිතුරු දුන් ආකාරය ආයෝජකයන්ගේ සතුටට හේතු වූ අතර වසර දෙකකට පසු ෆේස්බුක් සමාගම කොටස් වෙළෙඳපොළේ ඉහළම දෛනික ලාභය අත්පත් කරගනිමින් දිනය සියයට 4.5ක් ලෙස නිම කළේය. 
 
ෆේස්බුක් සමාගම කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමට ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ලබාදුන් බවට චෝදනා එල්ල වීමත් සමඟ ෆේස්බුක් සමාගමේ කොටස් වේගයෙන් කඩා වැටුණු අතර සමාගමේ කොටස් වටිනාකමද පහත වැටිණි. ඇමෙරිකා ජාතිකයන් මිලියන 50
 

කට ආසන්න පිරිසකගේ පෞද්ගලික දත්ත මෙලෙස පිටතට ලබා දී ඇති මුලින් කියැවුණ ද නවතම වාර්තා අනුව එම සංඛ්‍යාව මිලියන 87ක් බව පැවසේ. 
 
055



අදහස් (0)

ෆේස්බුක් හිමිකරු ඇමෙරිකාවේ සෙනට් සභිකයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 431 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site