ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුවන වෙළෙඳ කටයුතු සඳහා නීති පැනවීම පිළිබඳ සාකච්ඡාවක් ජපාන අමාත්‍යවරුන් පිරිසක් හා විශේෂඥයින් කණ්ඩායමක් අතර මෙම සතියේ පැවැත්වීමට නියමිතය.
ඔන්ලයින් ක්‍රමයට සිදුවන ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකිරීම සහ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම එහි මූලික අරමුණයි.
ඩිජිටල් වෙළෙඳපොළේ ඒකාධිකාරිය ලබාදෙන දත්ත ෆේස්බුක්, ගූගල්, ඇමේසන් හා ඇපල් වැනි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගම් විසින් මහා පරිමාණයෙන් රැස්කිරීම මෙම පියවර ගැනීමට හේතු වී ඇත.
ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන්නන්ගේ දත්ත එවැනි සමාගම් විසින් භාවිත කිරීම වැළැක්වීම සඳහා නීති මේ ඔස්සේ සකස් කිරීමට අපේක්ෂා කෙරේ.
විශේෂඥයින් හා අමාත්‍යවරුන් අතර සාකච්ඡාවලදී ඉදිරිපත් වන යෝජනා අනුව අවශ්‍ය පනත් සකස් කිරීම සම්බන්ධයෙන් සළකා බලන බව ජපාන රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
-226-
(එන්.එච්.කේ ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලවතුන් තම අභිමතයන් සපුරාගන්නා ක්‍රමවේදය. ඉහත සඳහන් සමාගම් සියල්ල ස්ථාපිත කර ඇත්තේ කොහෙද? අපි බොහොම අහිංසක යයි ලෙස සිතා භාවිතා කරන මෘදුකාංග අපිටම පහර දෙන්න අර අඳින හැටි...