බොගෝටාහිදීය(ඒ.එෆ්.පී)


කොලොම්බියාවේ ගරිල්ලා සටන් සංවිධානයක් වූ ‘ෆාර්ක්’ සංවිධානය වාමාංශික දේශපාලන පක්ෂයට බවට පරිවර්තනය වී තිබේ.

ඒ අනුව ෆාර්ක් සංවිධානය ඔවුන්ගේ නම‘ කොමන් ඕල්ටනේටිව් රිවලූෂනරි ෆෝස්’ යනුවෙන් තම සංවිධානය දේශපාලන පක්ෂයක් ලෙස නැවත දියත් කර ඇත.

ෆාර්ක් සංවිධානය පසුගිය දශක හයක කාලය මුළුල්ලේ කොමියුනිස්ට් ගරිල්ලා සංවිධානයක් ලෙස කටයුතු කළේය. පසුගිය වසරේදී යුවාන් මැනුවෙල් සැන්ටෝස් ඉදිරිපත් කරන ලද සාම ගිවිසුමත් සමඟ වසර 52කට වැඩි කාලයක් පැවැති ගැටුම් අවසන් විය.

වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රහාර සහ අතුරුදන්වලට ප්‍රසිද්ධව සිටි ෆාර්ක් සංවිධානය දේශපාලනික පිළිගැනීම ලබාගැනීමේ නව අරගයකද මුහුණ දී සිටියි.

ෆාර්ක් සංවිධානය දේශපාලනය පක්ෂයක් ලෙස දියත් කිරීමේ උත්සවය කොලොම්බියාවේ අගනුවර වන බොගෝටාහි ජනාධිපති මන්දිරය ආසන්නයේ පිහිටි ‘බොලිවාර්’ චත්‍රරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. 
 
(055)