සිරියාවේ සිවිල් යුද්ධය අවසන් වනතුරු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙන බවට ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකයා කළ ප‍්‍රකාශය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ දැඩි දෝෂ දර්ශනයට හේතු වී ඇත.
මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් මහ ලේකම්වරයා කියා සිටියේ සිරියානු අර්බුදයට හිස්බුල්ලා සංවිධානය සම්බන්ධ වීම හරහා සිදුවන්නේ සිරියානු අර්බුදය තවත් අවුල් ජාලයක් වී ඇති බවය. සිරියානු අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කළ යුතු යැයි ද මහ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කළේය.
සිවිල් යුද්ධය අවසන් වනතුරු කැරැලිකරුවන්ට එරෙහිව සටන් කරන අසාද්ගේ රජයට සහාය දෙන බව හිස්බුල්ලා සටන්කාමී නායක හසන් නසරල්ලා ප‍්‍රකාශ කළේ පෙරේදා (26) ය.
ලෙබනනයේ කි‍්‍රයාත්මක සන්නද්ධ සටන්කාමී සංවිධානයක් මෙන්ම දේශපාලන සංවිධානයක් ද වන හිස්බුල්ලා සංවිධානය සිරියානු රජයේ හිතවතෙකි. ඔවුන්ට ආයුධ ලබාදෙන්නේ සිරියානු රජය යැයි ද පැවැසෙයි.
සිරියානු රජයට දිගටම සහාය දෙනවා යැයි හිස්බුල්ලා නායක නසරල්ලා කියා සිටියේ එරට රූපවාහිනී සේවාවක් ඔස්සේ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි. එම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව පැවැත් වූයේ ඊශ‍්‍රායලය, ලෙබනනයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වීමේ 13 වැනි සංවත්සරය වෙනුවෙනි.
සිරියා යුද්ධය හිස්බුල්ලාවරුන්ගේ සටනක් ලෙස හැඳින්විය හැකි බවත් එහිදී තම සංවිධානය සැමවිටම ජනපති අසාද් වෙනුවෙන් සටන් වදින බවත් නසරල්ලා වැඩිදුරටත් කියා සිටියේය.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු යුද්ධයට මැදිහත්වීමත් සමඟ කැරැලිකරුවන්ට එල්ල වන ප‍්‍රහාර උත්සන්න වෙමින් පවතී.
හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව සිරියානු රජය කැරැලිකරුවන් අතට පත් වී තිබුණු ගුවන් තොටුපොළක් සහ නගර කිහිපයක් අල්ලා ගැනීමට ද සමත් වූ බව මීට දින කිහිපයකට පෙර වාර්තා විය.
මීට අමතරව සිරියාවේ කුසායිර් නගරයේ කොටු වී සිටින කැරැලිකරුවන් පසුගියදා ප‍්‍රකාශ කළේ තමන් හිස්බුල්ලාවරුන්ගේ දැඩි ප‍්‍රහාරයන්ට ලක්වන බවයි. කුසායිර් නගරය කැරැලිකරුවන්ගේ බලකොටුවක් ලෙස සැළකෙයි.
ලෙබනනයේ සිටින ෂියා මුස්ලිම්වරුන් නියෝජනය කරන්නෝ හිස්බුල්ලාවරුය. ඔවුන්ගේ නායක නසරල්ලා කියා සිටින්නේ සිරියාව සුන්නි මුස්ලිම්වරුන් අතට පත්වීම ලෙබනනයට ද තර්ජනයක් බවය. හිස්බුල්ලා නසරල්ලා වැඩිදුරටත් සඳහන් කළේ තවදුරටත් ඇමෙරිකාවේ හා ඊශ‍්‍රායලයේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන්ට තමන් කිසිදු මොහොතකවත් සහය නොදෙන බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හිස්බුල්ලා සංවිධානයට එ.ජා. මහ ලේකම්ගෙන් දොස්