IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිරු සමීපයට යානයක් යැවීමට නාසා සැරසෙයි

නාසා ආයතනයේදීය (ඒ.එෆ්.පී)

තරු නිර්මාණය වූයේ කෙසේ ද යන්න මූලික අරමුණ කරගනිමින් හිරුගේ වායුගෝලයට යානයක් යැවීමට නාසා ආයතනය සූදානම් වෙයි. 

හිරුගේ සමීපයට යානයක් යැවෙන මෙම අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් වන අතර එහිදි හිරුගේ තාපය හා විකිරණශීලිභාවය සොයමින් තාරකා නිර්මාණය වූයේ කෙසේද යන්න ගැන පරීක්ෂණ කිරීම නාසා ආයතනයේ මෙම නව මෙහෙයුමේ අරමුණ වී තිබේ. 

මෙම මෙහෙයුම ලබන වසරේ ජූලි මාසයේදී දියත් කිරීමට නියමිත අතර කොරෝනා යනුවෙන් හැඳින්වෙන සූර්යාගේ වායුගෝලයට මෙම අභ්‍යාවකාශ යානය යැවීමට නියමිතය. මෙම යානය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යනුවෙන් නම් කර තිබේ. 

මිනිසුන් රහිත රොබෝ යානයක් මෙලෙස හිරුගේ වායුගෝලය වෙත යැවෙන අතර මෙවැනි මෙහෙයුමක් දියත් කරන පළමු අවස්ථාව ද මෙය වෙයි. සූර්යාගේ මතුපිට සිට සැතපුමි මිලියන 3.9 (කිලෝමීටර මිලියන 6.3ක්) දුරින් පිහිටි කක්ෂය වෙත මෙම යානය යැවෙනු ලැබේ. 

මෙම කලාපයේ උෂණ්තවය සෙල්සියස් අංශක 1,377ක් (ෆැරන්හයිට් 2,500) කට ආසන්න වන බව පැවෙසන අතර සූර්යාගේ වායුගෝලය වෙන යැවෙන යානය අඟල් 4.5කින් සමන්විත කාබන් සංයුක්ත පළිහකින් සමන්විත වේ. 

සූර්යාගේ වායූගෝලය වෙන යැවෙන මෙම රොබෝ යානය පැයට සැතපුම් 430,000ක වේගයකින් ගමන් කරනු ඇතැයි පැවසෙන අතර එය නිව්යෝක් නුවර සිට ටෝකියෝ වෙත විනාඩියකට අඩු කාලයකින් ගමන් කිරීම හා සමාන වේ. මෙම මෙහෙයුම වසර හතක කාලයක් පුරා දියත් වනු ඇතැයි පැවසේ. 


(055)



අදහස් (0)

හිරු සමීපයට යානයක් යැවීමට නාසා සැරසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site