අභ්‍යාවකා යානයක් නොමැතිව ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ හිරවී සිටි අජඨාකාශ ගාමීන් තිදෙනා පෘතිවියට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ පාලනය රුසියාවේ අජඨාකාශ ගාමී ජෙනඩි පඩුල්කා වෙත භාර දෙන ලද්දේ දින 200ට පසුවය.
ඉන් පසු පෘථිවියට යළි පැමිණි තිදෙනා අතරින් ඉතාලි ජාතික සමන්තා ක්‍රිසිටොෆොරෙටි එක් ගමන්වාරයක දී අභ්‍යාවකාශයේ වැඩිම දින ගණනක් ගත කළ කාන්තාව බවට පත්වූවාය. ඔවුන් සොයුස් අභ්‍යාවකාශ යානයෙන් බ්‍රහස්පතින්දා කසකස්ථානයයට ගොඩබසින ලදී.
නාසා අභ්‍යාවකාශ පර්යේණ ආයතනය පවසන්නේ මොවුන්ගේ පැමිණීම පාඨ ග්‍රන්ථයක් වැනි කතාවක් බවයි. කණ්ඩායමේ අණ දෙන්නා වූ ටෙරි වර්ට්ස්, ඇන්ටන් ෂාකප්රෝ සහ ක්‍රිස්ටොෆොරේටි මාස හතකට වඩා වැඩි කාලයක් අභ්‍යාවකාශයේ රැඳෙමින් විද්‍යාත්මක පර්යේෂණ සහ තාක්ෂණික අධ්‍යයනයන් සිදුකළහ.
නාසා මගින් නිකුත් කරණ ලද පුවත්පත් නිවේදනයේ දැක්වෙන්නේ මෙම අජටාකාශ ගවේෂණ කණ්ඩායම පසුගිය නොවැම්බර් 22 වෙනිදා තම අභ්‍යාවකාශ ගමන ආරම්භයේ සිට සැතපුම් දසලක්ෂ 84 ක් ගමන්කර ඇති බවයි.
මෙම පිරිස පෘථිවියට ලඟාවිමට නියමිත වූයේ මීට මාසයකට පෙරදීය. සැපයුම් අභ්‍යාවකාශ යානා අසාර්ථක වීම හේතුවෙන් ඔවුන්ගේ පිටත්වීම ප්‍රමාද විය. මිනිසුන් රහිතව පැමිණි ප්‍රෝග්රස් එම් 27 යානය පෘථිවි වායුගෝලයට ඇතුළුවීමේ දී ගිනි ගෙන විනාශ විය.
වයස අවුරුදු 38 ක් වු ක්‍රිස්ටොෆොරේටි සමාජ ජාල වෙබ් අඩවිය මගින් එවන ලද වීඩියෝ ඔස්සේ පෙන්වා දි තිබුනේ ඇය අභ්‍යවකාශයේ ගත කරණ අතර තුරදි ආහාර පීසීම වැනි සරල කටයුතුද ක්‍රියාශීලි ලෙස කළ ආකාරයයි. කෝපි සෑදිමේ යන්ත්‍රය භාවිතා කරමින් ඇය කෝපි පිළියෙල කරන ආකාරය දැක්වෙන වීඩියෝවට මහත් ප්‍රතිචාර ලැබී තිබිණි.
තවත් අජටාකාශ ගාමින් තිදෙනෙක් ලබන ජුලි මාසයේදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යාමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.