හයිට් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ඇතිවූ භූමි කම්පාවක් හේතුවෙන් 11දෙනකු මියගොස් 110ක් පමණ තුවාල ලබා ඇත. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසන්නේ මෙය රිච්ටර් මාපාංක 5.9ක ප්‍රභලත්වයෙන් යුතු කම්පනයක් බවයි.
එහි කම්පන කේන්ද්‍රය උතුරු දිග වෙරළේ පෝට් ඩි පෙයික්ස්හි කිලෝමීටර් 11.7ක් ගැඹුරින් පිහිටා තිබුණු බවද පැවසේ. නිවාස විශල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව බලධාරීහු පවසති.
හයිටි ජනපති ජුවෙනල් මොයිස් පවසන්නේ මුදවාගැනීමේ මෙහෙයුම් හා සහන සැලසීම් වෙනුවෙන් අවශ්‍ය සියලුම ක්‍රියාමාග රජය විසින් ගෙන ඇති බවයි. මේ හේවෙන් සන්සුන්ව සිටින ලෙසද ජනපතිවරයා ජනතාවගෙන් ආයාචනා කර ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd