ද්වීපාර්ශ්වික සබඳතා අලූත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊයේ (1) මියන්මාරයට පැමිණ ජනාධිපති තින්සින් හමුවූවාය.
අඩසියවසකට පසු මියන්මාරයට පැමිණි ප‍්‍රථම ඉහළ පෙළේ ඇමෙරිකා රාජ්‍ය නිලධාරියා හිලරි ක්ලින්ටන්ය. මියන්මාරයේ නයිපයිඬේව් අගනුවරට පැමිණි ඇය, මියන්මාර විදේශ ඇමැති වන්නු මවුන්ග් ට්වින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබුවාය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය මියන්මාර් ජනපති තින්සින් හමුවී ස්කච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය. අද (2) ඇය මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවීමටද නියමිතය.
දශක ගණනාවක් තිස්සේ මියන්මාරයේ පැවැතියේ හමුදා පාලනයකි. හමුදා පාලකයන්ගේ දළදඬු කි‍්‍රයා පිළිවෙත් ඇමෙරිකාවේ සහ බටහිර රටවල දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
ඉකුත් වසරේ පැවැත්වූ මහ මැතිවරණයෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් පාලනයකි.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති භයානකයි.....?