ඇමෙරිකාවේ නාසා ආයනය පවසන්නේ විශ්වය මෙතෙක් සිතා සිටියාට වඩා මනරම් බවයි.

හබල් අභ්‍යාවකාශ දුරේක්ෂය මගින් ග්‍රහණය කැරගත් ප්‍රතිබිම්භ පරීක්ෂා කිරීමෙන් පසු එම ආයතනය මේ බව ප්‍රකාශකැර ඇත. නාසා ආයනය පවසන්නේ මිනිස් ඇසට සාමාන්‍යයෙන් දැකිය නොහැකි පාරජම්බූල කිරණ මේ ඡායාරූප ගැනිමේ දී සැළකිල්ලට ගත් බවයි. ඇතම් රූපවලින් ලා නිල් පැහැයෙන් බ්‍රමණය මන්දාකිණි පෙන්වන අතර ඒවායේ රූපය සකසන අවස්ථාව වන විට තවත් වසර බිලියන 10ක් පමණ වයසට ගොස් ඇති බවත් නාසා ආයතනය පෙන්වාදෙයි.

හර්බල් දුරේක්ෂයේ සේවයේ නිරත විද්‍යාඥ සොල්ට් ලිවේ පවසන්නේ පාරජම්බූල කිරණ භාවිතා කරමින් ඡායාරූප ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මිනිසුන්ට දැන් විශ්ව පුළුල් වර්ණාවලියක වර්ණයෙන් දැකිය හැකි බවයි.