නාහෙට නාහන ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ජ්.ඩබ්ලියු.බුෂ් ලෝක පොලිස්කාරයාගේ භූමිකාවට ආයුබෝවන් කීමෙන් පසු සිත්තරෙකු බවට පත්ව ඇතැයි වාර්තා වේ.

ඔහුගේ පින්තාරු කළ සිතුවම් ඇතුළත් ප්‍රදර්ශනයක් පසුගියදා ඔහුගේ නිවහන පිහිටි ඇමරිකාවේ ඩලාස් ප්‍රදේශයේ පැවැත්විණි. මෙම ප්‍රදර්ශනයට හිටපු ජනපතිවරයා සියතින්ම පින්තාරු කළ සිතුවම් රැසක් එක් කළේය. ඒවා අතරින් බහුතරය ඔහු ජනපතිධූරය හෙබවූ සමයේ ඔහු ළගින්ම සිටි ලෝක නායකයින්ගේ සිතුවම් වීම විශේෂ විය.

බි්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්,ටිඛෙටයේ ආගමික නායක දලයි ලාමා,රුසියා ජනපති ව්ලැදිමීර් පුටින්ගේ සිතුවම් ඒවා අතරින් කැපී පෙනුනි.

හිටපු ජනපතිවරයාගේ සිතුවම් දැක්ම නැරඹිීමට සැළකිය යුතු තරමේ පිරිසක් රැස්ව සිටියහ.