බංග්ලාදේශයේ හිටපු අගමැතිනි වත්මන් විපක්ෂ නායිකා බෙගම් ඛලීඩා හියා මහත්මියට එරෙහිව මූල්‍ය වංචා චෝදනා අධිකරනයේ දී විභාගයට ගෙන ඇත. සමාජ සුබ සාධන සංවිධානයක් සමග එක්ව ඩොලර් ලක්ෂ ගණනක් මුදල් වංචා කැර ඇතැයි ඇයට එරෙහිව පැමිණිලි ලැබී තිබේ.
හිටපු අගමැතිනිය මෛ් චෝදනා ප්‍රතික්ෂේපකර සිටියි. ඇය දෙවරක් ඇගමැති ධූරය හොබවා ඇති අතර චෝදනාවේ දක්වා ඇත්තේ ඇය 90 දශකයේ දී මෙලෙස මුදල් වංචා කර ඇති බවයි.
හිටපු අගමැතිනිය ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වෙත දක්වා ඇත්තේ තමන් මේ සියළු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. ඇගේ පුත් තාරික් රහ්මාන්ට ද මේ චෝදනා එල්ල වී ඇතත් ඔහු රටින් බැහැරව බ්‍රිතාන්‍යයට ගොස් ඇත. කෙසේ වෙතත් ඛලීඩා ශියා මහත්මිය සමග සමීප දේශපාලනයක් කළ තවත් කිහිප දෙනෙකුට එරෙහිව ද අධි චෝදනා ගොනුකැර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.