IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ස්ලොවැකියාවේ ජනපතිධුරයට කාන්තාවක්

ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්වූවාය. 
 
දූෂණ හා වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා කපුටෝවා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වූවාය. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා කපුටෝවා පරිසර නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය. 
 
දේශපාලනයට නවකයකු වන සුසානා කපුටෝවා කරළියට පැමිණියේ මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමඟය. ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන යාන් කුසියැක් සහ ඔහුගේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් දෙදෙනාගේ ඝාතනය හේතුවෙන් ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එම නිසා එවකට සිටි අග්‍රාමාත්‍යරයාට ධුරයෙන් ඉවත් වීමට ද සිදුවිය.  
 
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලින් සියයට 58.4ක් හිමි කරගැනීමට සුසානා කපුටෝවා සමත් වූවාය. සුසානා කපුටෝවාගේ ප්‍රතිවාදියා වූයේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමි කරගැනීමට හැකිවූයේ සියයට 41.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඔහු යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරයි. 
 
ඒ.එෆ්.පී. ඇසුරිනි
 
055



අදහස් (2)

ස්ලොවැකියාවේ ජනපතිධුරයට කාන්තාවක්

Perakum Monday, 01 April 2019 04:27 AM

ඉතා සුභ ආරංචියක්. හොඳ ප්‍රවණතාවයක්. මෙයත් අන්තිමට සුසානයේ කපුටාගේ තත්වයට වැටුනොත් වැඩක් නෑ.

:       64       37

wedage Monday, 01 April 2019 06:23 AM

ලෝකේ ලස්සන වන්නට කාන්තා ඕනෑවේ....... දුෂණ වංචා එමගින් නැසුනාවේ

:       39       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site