IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිරියා රජය රසායනික අවි ප‍්‍රහාරයකට සැරසෙනවා

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජය, ‘සේරීන්’ විස වායුව ඇතුළත් රසායනික අවි යොදා ගනිමින් එරට සිවිල් වැසියන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීමට  සැරසෙන බවත්, සිරියා රජය එසේ කිරීමෙන් වැළැකිය යුතු බවත් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා අනතුරු අඟවයි. ජනපති ඔබාමා එම අනතුරු ඇඟවීම කළේ වොෂින්ටනයේ පිහිටි ජාතික ආරක්ෂක සරසවියේ පැවැති දේශනයකදීය. එම දේශනයට පාදක වූයේ ජීව සංහාරක අවි ලොවට තර්ජනයක් වී ඇති අයුරු සම්බන්ධයෙනි. සිරියා රජය පවසන්නේ ඔවුන් කිසිම අවස්ථාවක රසායනික අවි යොදා ගනිමින් හෝ සාමාන්‍ය අවි යොදා ගනිමින් හෝ සිවිල් වැසියන්ට පහර නොදෙන බවය. සිරියා රජය පෙරැළීමට උත්සහ ගන්නා කැරැලිකරුවන් ‘ත‍්‍රස්තවාදීන්’ යැයි සිරියා රජය පවසති. ජනපති ඔබාමා කළ එම අනතුරු ඇඟවීමට ප‍්‍රතිචාර දක්වමින් සිරියා රජය කියා සිටියේ තමන් සතුව රසායනික අවි තිබුණත් නැතත් ඒ ගැන ඇමෙරිකාව කනස්සල්ලට පත් නොවිය යුතුයි කියාය. සිරියානු රජයේ කි‍්‍රයා කලාපය ගැන ලෝකයා විමසිල්ලෙන් සිටින බවත් ඔවුන් යම් හෙයකින් රසායනික අවි යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ලැබුණොත් ඊට මැදිහත් වන බව ජනපති ඔබාමා වැඩි දුරටත් කියා සිටී. ඇමෙරිකාව හමුදා යොදවා ආක‍්‍රමණය කරමින් ඉරාකයේ සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමුවේ ද මේ අයුරින්ම රසායනික අවි තිබෙන බවට චෝදනා කරමිනි. කෙසේ නමුත් අවසානයේදී එවැනි රසායනික අවි කිසිවක් හමුනොවිණි. සිරියා රජය රසායනික අවි භාවිත කරන බව අනාවරණය වුවහොත් ඇමෙරිකාවට සහ නේටෝවට, සිරියාවට එරෙහි හමුදාමය මැදිහත් වීමක් කළ හැකි වේ. ලිබියාවේදී කලාක් මෙන් බටහිර සහය ලැබෙන කැරැලිකරුවන්ට සිරියා රජය පෙරළා දැමීමට අවස්ථාවක් උදාවෙයි. සිරියා අර්බුදය සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රටවල් දෙකඩ වී සිටින අතර ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙන්ම නේටෝ සාමාජික රාජ්‍යයක් වන තුර්කිය ද සිරියා කැරැලිකාර කණ්ඩායම්වලට පළ කරයි. රුසියාවත් චීනයත් සහාය දෙන්නේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි. සිරියා අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි අගමැති ටයිප් එඞ්රෙගෝන් අතර විශේෂ හමුවක් ඊයේ (4) තුර්කියේ ඉස්තාම්බුල් අගනුවරදී පැවැත්විණි.



අදහස් (0)

සිරියා රජය රසායනික අවි ප‍්‍රහාරයකට සැරසෙනවා

රොෂාන් Wednesday, 05 December 2012 07:02 PM

ඊලඟට ඔය ප්‍රශ්නේ එන්නේ මොන රටටද දන්නවාද ?? (ස)

:       0       0

මාධව Wednesday, 05 December 2012 01:26 PM

මේ කරන්න යන දේ ලෝකෙටම බලපානවා (දී)

:       0       0

පෙරේරා Wednesday, 05 December 2012 01:46 PM

ලෝක විනාසය පටන් ගන්නද හදන්නේ (දී)

:       0       0

චන්ද්‍රා Friday, 07 December 2012 12:36 AM

ඊට කලින් සිරියාවට පහරදෙමුද? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 06 December 2012 01:22 PM

එහෙම කොහොමද ලෝකෙටම බලපාන ප්‍රශ්නයක් (දී)

:       0       0

බුද්ධික Thursday, 06 December 2012 01:30 PM

රසායනික අවි භාවිතය නීති විරෝධීයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site