IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි

මාස 19 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදය අවසන් කිරීමට නම් පළමුවෙන්ම සිරියා රජයත්, කැරැලිකාර පාර්ශ්වයත් අතර සටන් විරාමයක් ආරම්භ විය යුතු බවත් ඉන්පසු එම අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවත් සිරියා අර්බුදය විසඳීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කළ විශේෂ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීම් පවසයි. බ‍්‍රහීම් මේ බව පැවසුවේ පෙරේදා (20) සිරියාවේ ඩමැස්කස් නුවරට පැමිණ සිරියානු විදේශ ඇමැති වලීඞ් මුල්ලේම් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය. ලබන සතියේ යෙදෙන මුස්ලිම් නිවාඩු සති අන්තයේදී එම සටන් විරාමය ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි ද බ‍්‍රහීම් සිරියා රජයෙන් සහ කැරැලිකාර පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය. මේ අතර සිරියාවේ නගර රැසක ඊයේ (21) දිනයේ ද දරුණු ගැටුම් පැවැතිණි. ඒ අතරින් කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින මාරෙත් අල් නුමාම් නගරය යළි අත් කරගැනීමට රජයේ හමුදා උත්සහ කළ අවස්ථාවේදී සිරියා රජයේ හමුදා සෙබළුන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පෙන්වා දෙන්නේ සිරියානු අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා රජයට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා ලැබ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ බොහෝ දෙනකු හිටිහැටියේ අතුරුදන්ව ඇති බවය. අතුරුදන් එම පිරිස 28,000 කට වැඩි බවත් ඔවුන් ඝාතනය කර ඇති බවට සැකයක් පවතින බවත් එම මානව හිමිකම් සුරැකීමේ සංවිධාන වැඩි දුරටත් කියා සිටී. මේ වනවිට ඒ ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ද අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.



අදහස් (0)

සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site