සිරියාවේ ඊසාන දිග හසාකා නගරයේ බේකරියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 16 දෙනකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.


කුර්දිෂ් සටන්කාමීන් වැඩි වශයෙන් සිටින ප්‍රදේශයකට එම ප්‍රහාරය එල්ලවී ඇති බවත් එය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක් බවත් සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂකයෝ කියති.


මිය ගිය අය අතර ළමයි තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු ද වන බව එරට මාධ්‍ය වාර්තා තහවුරු කරයි.