සිරියාවේ ඩමස්කස් නුවර ආසන්නයේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ප්‍රහාරයෙන් 55 දෙනකු තුවාල ලබා ඇතැයි කියති.
අයිඑස් ත්‍රස්තවාදීන් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි විශ්වාස කරති.
අයිඑස් සංවිධානය කියා සිටියේ සටන්කාමීන් තිදෙනකු ප්‍රහාරයට පැමිණ ඇති බවත් දෙදෙනකු පිපිරුම් පටි පැළැඳ සිටි අතර එක් අයකු අත කාර් බෝම්බයක් තිබූ බවත්ය.
ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඩමස්කස් නුවරට කිලෝමීටර් 10ක් ආසන්නයේ පිහිටි සයියිදා සෙයිනබ් ප්‍රදේශයට බවත් ෂියා මුස්ලිම්වරුන්ගේ වැඩි වශයෙන් එහි වාසය කරන බවත් කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd