සිරියාව පෙරේදා (26) සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 305 දෙනකු මියගිය බවත් ඒ අතර සිවිල් වැසියන් 199 දෙනකු සිටින බවත් එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. මාස 18 කට වැඩි කාලයක් තිස්සේ විසඳුමක් නැතිව දිග්ගැස්සෙමින් පවතින සිරියා අර්බුදයේ එක් දිනක් තුළ වැඩිම ජීවිත හානි වාර්තාවූ දිනය මෙයයි පෙරේදා දිනය පුරා ජූරා දිස්ති‍්‍රක්කයේ දීර් එසෝර් නගරයේ සිරියානු හමුදාවත් කැරැුලිකරුවනුත් අතර දරුණු අවි ගැටුම් පැවැති බවත් වැඩිම හානියක් සිදුවූයේ එම ගැටුම්වලින් බවත් වාර්තා වේ. මියගිය පිරිස අතර කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු සිටින බව ද පැවැසෙයි. මේ අතර තුර්කි දේශසීමාවට යාබදව, නිදහස් සිරියානු හමුදාව යනුවෙන් හැඳින්වෙන කැරැලිකාර පාර්ශ්වයේ ග‍්‍රහණයේ පවතින නගර කිහිපයක් ඉලක්ක කර ගනිමින් ද ගුවන් ප‍්‍රහාර එල්ල වුණු අතර සිරියාවේ ඩමැස්කස් අගනුවරත් ඇලෙප්පෝ නුවරත් දරුණු ගැටුම් පැවිතිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට, සිරියා අර්බුදය ආරම්භයේ සිට මේ දක්වා පැවැති ගැටුම්වලින් 30,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිටිති. ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරයේදී මේ වන විට සිරියා අර්බුදය ගැන ලෝක නායකයන්නේ වැඩි අවධානයක් යොමු වී තිබේ. ජනාධිපති බෂාර් අල් අසාද් බලයේ රැඳී සිටින තාක් කල් සිරියානු අර්බුදය විසඳීමට නොහැකි බව පෙනී යන බව සිරියා අර්බුදයට විසඳුම් සෙවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කළ සාම නියෝජිත ලක්දාර් බ‍්‍රහීමී පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ ලෝක නායකයන් අමතමින් බ‍්‍රහීමී කියා සිටියේ සිරියා අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට ලෝක ප‍්‍රජාව එක ස්ථාවරයක සිට කටයුතු කළ යුතු බවය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී ඇත. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍ය ප‍්‍රමුඛ බටහිර සහාය හිමිවන්නේ කැරැලිකාර පාර්ශ්වයටය. ඉරානය, චීනය සහ රුසියාවේ සහාය හිමිවන්නේ සිරියා ජනපති අසාද්ගේ රජයටය.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයා ඉන්නකල් ඉතිං ප්‍රශ්න තමයි. (නි)
ගොඩත් හොඳයි (ස)
සැබෑ බෞද්ධයා කිසිම දිනත අබෞද්ධයින්ගේ මරණයක් අසා සතුටු නොවෙති.(නදී)
මධූට අංගොඩත් හොදයි. (නි)
තව අවුරුදු 10ක් විතර යනකොට ලංකාවෙ අය මුස්ලිම් ජාතිය හදුනා ගනීවි. (නි)
අසිතට මානසික ආතතියද? (නි)
මුස්ලිම් ජාතිය මොන වගේද කියලා කවදාහරි අසිතට තේරෙයි. (නි)