සිරියානු අර්බුදය විසඳීමට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත්, බලයෙන් ඉවත් වන්නේ නම් ජනපති බෂීර් අල් අසාද්ගේ ආරක්ෂාව ගැන තමන් වගබලා ගන්නා බවත් සිරියානු විපක්ෂ නායක මෝසා අල්කටීබ් පවසයි.
සිරියාවේ පවතින සිවිල් යුද්ධය හේතුවෙන් 67,000 කට වැඩි පිරිසක් ජීවත්ක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි.
සිරියා විපක්ෂය පවතින අර්බුදයට පිළියම් සෙවීමේ අරමුණින් ඉරානය සමඟ සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කළ ප‍්‍රථම අවස්ථාව වන්නේ ද මෙයයි.
ඉරානය සමඟ සාකච්ඡුා පැවැත්වීමට තමන් සූදානම් යැයි සිරියානු විපක්ෂ නායක මෝසා අල්කටීබ් කියා සිටියේ ඇමෙරිකානු උප ජනපති ජෝ බයිඩන් හමුවූ අවස්ථාවේදීය.
සිරියානු ජනපති අසාද් රජය නියෝජනය කරමින් ඔහුගේ දෙවැනියා වන උප ජනපති හමුවීමට ද තමන් සූදානම් යැයි ද මෝසා අල්කටීබ් එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.
සිරියානු කැරැලිකරුවන්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් පිහිටුවා ගත් දේශපාලන හඬ වන්නේ සිරියානු ජාතික පාලක මණ්ඩලයයි.
ඇමෙරිකාව, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල් සිරියානු ජනතාවගේ සැබෑ හඬ ලෙස පිළිගන්නේ එම පාලක මණ්ඩලයයි.
ඔවුන් එක් වී අවස්ථා ගණනාවකදී සිරියානු අර්බුදයට පිළියම් ඉදිරිපත් කළ අතර, එය බටහිර රටවල් විසින් පිළිගනු ලැබුණි. කෙසේ නමුත් ඉරානය, රුසියාව සහ චීනය සිරියානු රජයත් සමඟ එක් වී ඊට එරෙහි විය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය ලිබියාවට කළාක් මෙන් යෝජනාවලියක් සම්මත කර, සිරියාවට හමුදා ප‍්‍රහාර එල්ල කිරීමට අවස්ථා කිහිපයකදී උත්සහ කළ නමුත්, ආරක්ෂක මණ්ඩලයේ සෙසු නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධ වූයේ නිෂේධ බලය පාවිච්චි කරමිනි.
|
COMMENTS
කොහොම හරි කමක් නැහැ, ආරවුල් නම් එපා (දී)
සිල්වා , යුරෝපය විවේචනය කර කර එහේ ඉන්නේ නැතුව එන්නකෝ ලංකාවට .(ස)
තමන්ගේ රටේ ප්‍රශ්න තමන්ම විසඳ ගන්න ඕනේ. (දී)
කොහොම හරි අර්බුදය සාමකාමිව විසඳ ගනන්යි අවශ්‍ය. (දී)
රොශාන්, එකඟ නොවුනත් සත්‍යය එයයි. යුරෝපා රටක ජීවත්වන මට එය හොදට තේරෙනවා.හොදම උදාහරණය අපේ රටේ යුද්ධය අවසන්වීම ගැන ඔවුන්ගේ බලවත් විරෝධය.(නදී)
මේ සිරියානු ත්‍රස්තවාදීන්ට මරණ දන්ඩනය දිය යුතුයි.(නදී)
රටක අර්බුද ඇතිකර ආයුධ විකිණීම බටහිරයන්ගේ ක්‍රමයයි. අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට දී සැප විදින ජාතියක්. (නි)
රටක අර්බුද ඇතිකර ආයුධ විකිණීම බටහිරයන්ගේ ක්‍රමයයි.අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලටදී සැප විදින ජාතියක්. uno එක දුප්පත් රටවලට නොයෙකුත් ආකාරලව බලපෑම් කිරීමට යොදා ගන්නා ඔවුගේ මෙවලමක් පමණයි. (ස)
සිල්වා සමග මම එකඟ නොවෙමි (ස)
ඊශ්‍රායලයට ඔනේ කලාපයේ ස්‍රපිරි බලවතා වෙන්න. (නදී)