IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


සරම්ප එන්නත වැරදී දරුවෝ මැරෙති

කැරලි කරුවන් ග්‍රහණයේ පවතින  සිරියාවේ ඊසාන දිග පෙදෙසේ  සායනයකදී ළමුනට සරම්ප එන්නතක් ලබාදීමෙන් පසු 15 ක් මියගොස් තවත් 50 ක් පමණ රෝගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ දරුවන් අවුරුදු දෙකක් වයසැති දරුවන් පිරිසකි.

එක්සත් ජාතින්ගේ සංවිධානය මෙම එන්නත්  වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වා තිබිණි. මේ සම්බන්ධයෙන් එලිදක්වන ලද එක්සත් ජාතින්ගේ වාර්තාවේ දැක්වෙන්නේ මෙම එන්නත් වලට වෙනත් රසායනික ද්‍රව්‍යයක් වැරදීමකින්  මිශ්‍රවිම හේතුවෙන්  මෙලෙස අහිතකර ලෙස බලපාන්නට ඇති බවයි. සිරියා රජය පවසන්නේ මෙම ක්‍රියාව අප්‍රසන්න අපරාධයක් බවත් ත්‍රස්තවාදී සංවිධාන වලට මෙහි වගකිව පැවරෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරණ ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙප් මෙම එන්නත් වැඩ සටහන නවතා දැමු බවයි. එන්නත ගැන සොයා බැලීමට විශේෂඥ කණ්ඩායමක් යොදවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසුවේ මේ පිලිබඳව පැවැත්වු මූළික විමර්ශනයේදී හෙලිවූයේ මෙම මරණ වලට හේතුව කඩාකප්පල්කාරි ක්‍රියාවක් නොව සාමාන්‍ය මිනිස් අත් වැරදීමක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක ක්‍රිස්ටියන් ලින්ඩ්මියර් පැවසුවේ වෛද්‍යවරුන් විසින්  මෙම එන්නත් අවශ්‍ය කරණ මස්තු සමග මිශ්‍ර කරණු වෙනුවට වැරදීමකින් අධි මාත්‍රාවකින් යුත් පේශි ඉහිල්කරණු ලබන එන්නත් කුඩු සමග මිශ්‍ර කර  ඇති බව කලින් නිකුත් කර ඇති වාර්තා දක්වා ඇති බවයි.

තම දරුවන් මිය යාමෙන් කුපිතයට පත් දෙමාපියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්විම පමණක් නොව වැරදි කරණ ලද වෛද්‍ය පිරිස් වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙ ප්‍රකාශක ලින්ඩ්මෙයර් පැවසුවේ මෙවැනි තත්වයන් නැවත ඇති නොවීමට ප්‍රබල මාර්ගෝපදේශයන් නිකුත් කර ඇති බවත් නමුත් මිනිස් වැරදීම් 100% ක් වලක්වා ලීමට නොහැකි බවයි.



අදහස් (0)

සරම්ප එන්නත වැරදී දරුවෝ මැරෙති

ඉසුරන්දි Saturday, 20 September 2014 05:25 AM

මේ දරුවෝ ජිවත්වෙලා හිටියත් මළවුන් හා සමානයි. මක් නිසාද යත් කැරලි කරුවන්ටත් රජයේ හමුදාන්ටත් මැදිව අපා දුක් විදින පිරිසක් බැවිනි. (නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 20 September 2014 08:00 AM

කෝ ළමයි මැරෙනවට කැමති කට්ටියගේ අදහස් ? මම දකින විදිහට කවුරුවත් මේවට අදහස් දාන්නේ නැහැ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site