මානුෂීය හේතූන් මත ඉදිරි දින කිහිපයේදී සිරකරුවන් 3,000ක් නිදහස් කිරීමට තමන් අපේක්ෂා කරන බව කියුබානු රජය ඊයේ (25) නිවේදනය කළේය. රටවල් විසිපහකට අයත් විදේශිකයන් 86 දෙනකු නිදහස් කිරීමට නියමිත පුද්ගලයන් අතර සිටින බව වාර්තා වේ. එහෙත් ඇලන් ග්‍රොස් නැමැති අවුරුදු 15ක සිරදඬුවමකට යටත්ව සිටින කියුබාවේ ක‍්‍රියාත්මක වූ ඇමෙරිකානු රහස් වැඩසටහනකට අදාළ රහස් උපකරණයක් කියුබාවේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයා නිදහස් කිරීමට නියමිත සිරකරුවන් අතරට ඇතුළත් නොවන බව එරට රජයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. කියුබන් රෝමානු කතෝලික පල්ලියේ සහ සිරකරුවන්ගේ පවුල්වලින් කළ ඉල්ලීමත් ලබන වසරේ කියුබාවට පැමිණීමට නියමිත 16 වැනි බෙනඩික් පාප්තුමන්ගේ සංචාරයත් සලකා බැලූ කියුබන් ජනපති රාවුල් කස්ත්‍රෝ එම තීරණය ගත් බව වාර්තා වේ.