මළේයැයි සැළැකුණු චීන ජාතික කාන්තාවකට අවසාන මොහොතේදී ‘‘පණ‘‘ලැබුණු පුවතක් චීනයෙන් වාර්තා වේ.

පෙන්ග් ෂියුහා (101) ජීවත් වූයේ සිය දියණියන් දෙදෙන සමගය. දිනක් පෙන්ග් සිහිසුන්ව ඇද වැටෙන්නේ නිවසේ වැඩ කරමින් සිටිනාතුරදීය.

දියණියන් දෙදෙන කොතෙක් උත්සාහ කළද පෙන්ග්ට සිහිය ලැඛෙන පාටක් නම් නොවුණි.ඇයගේ නාඩි වැටීම පවා හදුනාගත නොහැකි තත්ත්වයේ පැවැතුණු බැවින් දියණියන් දෙදෙන අවසානයේ තීරණය කර තිඛෙන්නේ සිය මව මියගොස් ඇති බවයි.

ඥාතිමිත්‍රාදීන් කැදවා අවසන් කටයුතු සිදු කිරීමේ අපේක්ෂාවෙන් පෙන්ග් මිනී පෙට්ටියට දැමිමට සැරසෙන අවස්ථාවේ ‘‘පියවි‘‘ලෝකයට පැමිණ ඇති පෙන් විමසා ඇත්තේ සිය නිවසේ මෙතරම් සෙනගක් රැස්ව සිටින්නේ ඇයිද කියාය.

බියපත් වුවද පෙන් හොද සුවයෙන් සිටිනු දුටු දියණියන් දෙදෙන හා ඥාතීන් සිදුවුණු දේ පැහැදිලි කළ පසු සිනාසුණු පෙන් ‘‘මම හරිම වාසනාවන්තකෙනෙක්.පණ පිටින් වැළලෙන්න ඉස්සෙල්ලා මට සිහියත් ආවා ඒ වගේම මම ගැන හිතන අය මෙච්චර ඉන්නවයි කියලත් මම අද දැනගත්තා‘‘යනුවෙන් පවසා ඇත.