සොමාලියාවේ මොගදිසු නුවර පාර්ලිමේන්තුව අසල හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනකු මියගොස් ඇත.
අල් ශබාබ් ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කළේය..
කාර් බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ බවත් මිය ගිය අය අතර හමුදා නිලධාරීන් ද සිටින බවත් මේජර් මොහොමඩ් අහමඩ් මහතා පැවසීය.
පළමු ප්‍රහාරය එල්ල වී විනාඩි කිහිපයකට පසු දෙවැනි ප්‍රහාරය එල්ල වී ඇති අතර තුවාල ලැබු රෝගීන් ගෙනයාමට එම ස්ථානයට පැමිණි ගිලන්රථ වලට ද හානි සිදු විය.
බෝම්බ ප්‍රහාරය ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදින් සිව් දෙනකුට ද දෙවැනි ප්‍රහාරයෙන් තුවාල සිදුව ඇත.
(ඡායාරූප-රොයිටර් පුවත්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පණිවිඩයක්! බෝම්බයක් ආදරයෙන් පතුරපු හැටි කදිමයි නේද? (නි)