දින කිහිපයක් තිස්සේ පැවති අධික වර්ෂාව සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසීයාවට අයත් සුමාත්‍රා දූපතේ 21 දෙනෙකු මියගොස් 10 දෙනෙකු අතුරුදන්ව ඇත.
මියගිය අය අතරින් 11 දෙනකු පාසල් සිසුන් වන අතර ඔවුන් සිටි පාසල් ගොඩනැගිල්ල ගංවතුවට හසුවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
සුමාත්‍රාහි බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල නිවාස 500කට පමණ අලාභ හානි සිදුව ඇති අතර මහාමාර්ග බොහොමයකට ද හානි සිදුව ඇති බව බලධාරීහු පවසති.
ඉවත්කිරීම් හා මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd