IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුබසාධන කප්පාදුවට එරෙහිව බි‍්‍රතාන්‍ය වැසියෝ වීදි බසිති

බි‍්‍රතාන්‍ය රජය සිදු කළ සුබසාධන කප්පාදුවට සහ බදු ඉහළ නැංවීමට එරෙහිව විරෝධය පළ කරමින් දහස්ගණන් වැසියන් ඊයේ(21) ලන්ඩන් නුවර රැස්ව විරෝධතාවක නිරත වූහ. සුබසාධන කප්පාදුව නතර කර බිඳ වැටෙමින් තිබෙන බි‍්‍රතාන්‍ය ආර්ථිකය ගොඩ ගැනීමට අගමැති ඬේවිඞ් කැමරුන් කටයුතු කළ යුතු බව විරෝධතාකරුවෝ අවධාරණය කළහ. රජය ගනු ලබන මෙවැනි කි‍්‍රයාමාර්ගවලින් ධනවතුන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව විරෝධතාවලට එක් වූ හැට හැවිරිදි රජයේ සේවකයකු වන එරික් බැටී පැවැසීය. මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන බි‍්‍රතාන්‍ය රජය කියා සිටින්නේ අයවැය හිඟය පියවීමට තමන් සැලසුම් කළ ආකාරයට කි‍්‍රයා කරන බවයි. යුරෝපා සංගමයේ රටවලට බලපා ඇති ආර්ථික අවපාතයේ බලපෑම තම රටට ද දැනී ඇතැයි බි‍්‍රතාන්‍ය රජය කියා සිටී. මෙම විරෝධතා සඳහා හෙදියන්, පිරිසිදුකරන්නන්, පුස්තකාලයාධිපතිවරුන් ඇතුළු විවිධ වෘත්තීන්ට අයත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. ලන්ඩන් නගරයට අමතරව බෙල්ෆාස්ට්, උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ යන නගරවලදී ද විරෝධතා පැවැති බව වාර්තා වේ.



අදහස් (0)

සුබසාධන කප්පාදුවට එරෙහිව බි‍්‍රතාන්‍ය වැසියෝ වීදි බසිති

අසේල Tuesday, 23 October 2012 04:43 PM

ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site