ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින් විහාරස්ථානයේ ආරම්භක අනුශාසක වශයෙන් සේවය කොට මීට වසර 26කත පෙරාතුව අපවත්වූ හම්මලව සද්ධාතිස්ස නාහිමියන් සිහිපත් කොට උන්වහන්සේට පින් පැමිණ වීමේ වාර්ෂික සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සහ සාංඝික දානමය පිංකම මේ මස 27 සහ 28 දෙදින දී පැවැත්වෙයි.
විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ දායක කාරකාදීන්ගේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන් පිංකම සඳහා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනක් නියෝජනය කරමින් මහා සංඝ රත්නය වැඩම කරවනු ඇත.
මේ අතර මෙම පිංකම සඳහාම ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සාර නාහිමියන්, පැරිස් බෞද්ධ විහාරාධිපති කොන්ගස්දෙණියේ ආනන්ද හිමියන්, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද හිමි, ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරාධිපති උළුවිටිකේ බෝධිසීහ හිමින් ද වැඩම කරන බව පියදස්සි නාහිමියෝ පැවසුහ.
සද්ධාතිස්ස විහාරස්ථානයේ වසර ගණනාවක්ම භාරකරු වශයෙන් කටයුතු කරමින් මාහැඟි සේවාවක් ඉටුකළ ලීලාරත්න කාරියවසම්ගේ තෙමස් පුරණය නිමිත්තෙන් ඔහුට මෙවර පින්කමේදී පින් පැමිණවීමට බලාපොරොත්තු වෙයි.
27 වැනි සෙනසුරාදා සවස 7 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාව ද සවස 8 සිට සර්ව රාත්‍රී ධර්ම දේශනය පැවැත්වෙයි. 28 වැනි ඉරුදින උදෑසන 7 ට බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාව ද ඉන් අනතුරුව පිංකම සඳහා වැඩම කරවන මහා සංඝ රත්නය උදෙසා හීල් දානය පිරිනැමෙයි. දහවල් 11 ට බුද්ධ පුජාව සහ වන්දනාව අවසානයේ දහවල් දානමය පිංකම පැවැත්වෙයි.
පිංකම සඳහා සහභාගි වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරන බව පියදස්සි නාහිමියන් පැවසුහ.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සද්ධාතිස්ස නාහිමි ගුණ සැමරේ