රට ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන යාමේ අරමුණ ඇතිව සුඩානයේ හමුදා පාලක කවුන්සිලය සහ විපක්ෂ සන්ධානය අද (17) දේශපාලන ගිවිසුමකට අත්සන් තැබුහ.
මෙම දේශපාලන ගිවිසුම සුඩානයේ නව බලය බෙදීමේ යාන්ත්‍රණයේ කොටසක් වන අතර අප්‍රිකානු මැදිහත්කරුවන්ගේ සහභාගීත්වයෙන් ගිවිසුමට අත්සන් තැබිණි.
සුඩානයේ අගනුවර වන කාටුම්හිදී ගිවිසුමට අත්සන් තැබූ අතර ගිවිසුමේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් මේ වසර මුලදී දෙපාර්ශවය අතර එකඟතා ඇති කරගන්නා ලදී.
මේ ගිවිසුම අත්සන් තැබීමෙන් සුඩානයේ හමුදා නායකයන් අතර තිබෙන බලය දේශපාලන යාන්ත්‍රණයකට හුවමාරු වනු ඇත. සති ගණනක විරෝධතා වලින් පසුව ඉකුත් අප්‍රේල් මාසයේ දී සුඩාන හමුදාව හිටපු ජනාධිපති ඔමාර් අල් බෂීර් බලයෙන් පහකළේය.
“අපිට ඕනේ ස්ථාවර නිවහනක්. අපි ගොඩක් දුක් වින්දා” යැයි සුඩාන විපක්ෂ සන්ධානයේ නායකයකු වන ඊබ්හීම් අල් අමීන් පැවැසීය.
සුඩානය ත්‍රස්තවාදයට සහාය දෙන රාජ්‍යයන්ගේ ඇමෙරිකානු ලැයිස්තුවෙන් ඉවත් කරගත යුතු බවත් දිළිඳුබවින් මුදාගත යුතු බවත් මෙම අවස්ථාවට සහභාගී වූ ඉතියෝපියානු මැදිහත්කරු මහ්මුද් ඩිරිර් පැවැසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාශනයක් සම්බන්ධයෙන් ද පාර්ශව දෙක අවධානය යොමු කර තිබෙන අතර ලියවිල්ලට සිකුරාදා අත්සන් තබනු ඇතැයි පැවසේ.
රොයිටර් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd