සුඩානයේ දකුණු දිග ඇතිවූ ලැව්ගින්නක්  හේතුවෙන් 33 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 

තුවාල ලැබූ අයගෙන් 60 දෙනකු පමණ බරපතල තත්ත්වයේ පසුවන බව බලධාරීහු පවසති.

මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බවද ඔවුහු පවසති.

ගින්නට හසුව නිවාස 138ක් විනාශ වී ඇති අතර ගවයන් 10,000ක් පමණ මියගොස් ඇති බවද සඳහන් වේ.

දැඩි සුළං හේතුවෙන් ගින්න වේගයෙන් පැතිරී ඇත.ගම්මාන හතරකට ගින්නෙන් හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)