චීනයේ ප‍්‍රථම අභ්‍යවකාශ නැවැතුම්පොළ වන ‘ටියැංගොන් 1’ මොඩියුලය සමඟ සම්බන්ධ වීමට ‘ෂෙංෂූ 8’ නමැති නියමුවන් රහිත ගගන යානය අභ්‍යවකාශයට යැවීමට චීන විද්‍යාඥයෝ පෙරේදා (31) සමත් වූහ.එම ගගන යානය, උඩුගුවනට යැවුණේ චීනයේ කාන්තාරබද ප‍්‍රදේශයක් වන ජිකුවාන්හි පිහිටි චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනුයි. උඩු ගුවනට ගිය පසු ‘ෂෙංෂූ 8’ ඉතා සාර්ථකව ‘ටියැංගොන් 1’ සමඟ සම්බන්ධ වූ බව ද වාර්තා වේ.චීන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ‘මුල්ගල’ ලෙස සැලකෙන්නේ ‘ටියැංගොන් 1’ මොඩියුලයයි. චීනය විද්‍යාඥයන් එය කිලෝ මීටර් 340 ක් ඉහළ පෘථිවි කක්ෂයේ රැඳෙව්වේ මීට මාස කිහිපයකට පෙරය.‘ටියැංගොන් 1’ මොඩියුලය, ගගනගාමීන්ගේ නැවැතුම්පොළක් ලෙස ඉදිවන්නේ එක් එක් කොටස ඊට සම්බන්ධ වෙමිනි. ‘ෂෙංෂූ 8’ අභ්‍යවකාශ යානය එහි පළමු කොටසය.‘ෂෙංෂූ 9’ සහ ‘ෂෙංෂූ 10’ යන යානාද ඉදිරි වසර දෙකේදී ටියැංගොන් 1 සමඟ සම්බන්ධ වීමට නියමිතය. වසර 2020 වෙනකල් සෙමින් සෙමින් අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිවනු ඇත.‘ටියැංගොන් 1’ මොඩියුලය මෙන්ම ‘ෂෙංෂූ 8’ අභ්‍යවකාශ යානාය ද උඩුගුවනට ගෙන ගියේ චීනයේ නිෂ්පාදිත ‘ලෝන්ග් මාර්ච් 2 එෆ්.ටී.1’ රොකට්ටුවය.

2025 නොවැම්බර් මස 21
3
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘ෂෙංෂූ 8’ ගගන යානය චීන අභ්‍යවකාශ නැවැතුම්පොළට යයි