කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින චීනයේ වුහාන් නගරයේ ගොඩනැගිලි අටක් රෝහල් බවට පරිවර්තනය කරමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වුහාන් නගරයේ ව්‍යායාම ශාලා, ප්‍රදර්ශන මධ්‍යස්ථාන සහ ක්‍රීඩා මධ්‍යස්ථාන ඇතුළු අමතර ගොඩනැගිලි අටක් මෙලෙස රෝහල් බවට පත්කිරීමට සූදානම් කරමින් පවතී.

මීට අමතරව තවත් ගොඩනැගිලි තුනක් රෝහල් බවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි නවතම නිවේදනයක දැක්වේ.
ඒ අනුව මෙම ගොඩනැගිලි 11හි රෝගීන් 10,000කට නවාතැන් පහසුකම් සැපයෙනු ඇත.
කොරෝනා රෝගීන් සඳහා වුහාන් හි විශේෂයෙන් ඉදිකළ ඇඳන් 1000කින් සමන්විත රෝහල සඳුදා(3) විවෘත කළ අතර ඇඳන් 1 600කින් යුත් දෙවැනි රෝහල අද (5) අවසන් කිරීමට නියමිතව ඇත.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.