IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වසර 3000 ක් පැරණි නගරයක් ඊජිප්තුවෙන් මතුවෙයි

සර 3000 කට වඩා දිගු ඉතිහාසයක් ඇති, විශාල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නගරයක් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මෙම නගරය හමුවී ඇත්තේ ඊජිප්තුවේ දකුණු පළාතේ පිහිටි සුප්‍රකට කඳුකර ප්‍රදේශයකිනි. එය ශතවර්ෂ ගණනාවක් තිස්සේ වැල්ලෙන් වැළලී තිබූ බව ඊජිප්තු පුරාවිද්‍යඥයෝ බ්‍රහස්පතින්දා (8) නිවේදනය කළහ.

මීට වසර 3400 කට පෙර දී මෙම නගරය ඉදිකර ඇත්තේ ඊජිප්තුවේ බලවත්ම පාරාවරුන්ගෙන් කෙනෙකු වන තුන්වැනි අමෙන්හොටෙප්ගේ පාලන සමයේ දී බව කැණීම් කටයුතු අධීක්ෂණය කළ ඊජිප්තු පුරාවිද්‍යාඥ සහී හවාස් මහතා පවසයි.

‘වැල්ලෙන් වැළලුණු නගරය සොයා ගත්තා ’ යැයි ආචාර්ය සහී හවාස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය. ඉතා හොඳින් සංරක්ෂණය වී තිබූ මෙම නගරය සොයාගැනීම ටුටන්කාමන්ගේ සොහොන් කොත සොයාගැනීමෙන් පසුව කළ විශිෂ්ටතම සොයාගැනීම බව ඊජිප්තුව කියයි.

අමෙන්හොටෙප් රජුගේ කාලයේදී භාවිතා කරන ලද නාමය කෙටූ මුද්දක්, වර්ණ ගන්වන ලද මැටි බදුන්, බේකරි සහ පෝරණු, සම්පූර්ණ බිත්ති, කාමර, ස්වර්ණාභරණ සහ එදිනෙදා ජිවිතයේ දී භාවිතා කරන මෙවලම් මෙම නගරය තුළ තිබී සොයා ගෙන තිබේ. නගරයේ වීදි ගෙවල් වලින් වට වී ඇති අතර ඒවායේ බිත්ති සමහරක් මීටර් තුනක් පමණ උසින් යුක්ත බව හවාස් මහතා කීවේය.

‘මෙය ඉතාමත් වැදගත් සොයා ගැනීමක්’ යැයි එක්සත් ජනපදයේ පිහිටි පුරාණ ඊජිප්තු උරුම හා පුරාවිද්‍යා අරමුදලේ අධ්‍යක්ෂ පීටර් ලකෝවරා මහතා රොයිටර් පුවත් සේවයට පැවසීය. බොහෝ විදේශීය කණ්ඩායම් මෙම සැඟවූණු නගරය සෙවූ අතර එය කිසිවෙකුටත් සොයාගත නොහැකි විය.

මෙම නගරය මතුකරගැනීම සම්බන්ධයෙන් ඊජිප්තුවේ මෙහෙයුම් කාර්යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙය ක්‍රි.පූ 1,390 දී පමණ ආරම්භ වූ III වන අමෙන්හොටෙප්ගේ පාලන සමයට අයත් නගරයකි. එය “ඒටන්ගේ නැඟීම” ලෙසද හඳුන්වනු ලබන අතර පසුව ටුටන්කාමන් ඇතුළු අනුප්‍රාප්තිකයන් විසින් භාවිතා කරන ලදී.

"එය එක්තරා ආකාරයකින් පුරාණ පොම්පෙයි නගරය වගේ. එම කරුණම මෙම ප්‍රදේශය පුරාවිද්‍යා උද්‍යානයක් ලෙස සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරයි" යනුවෙන් වසර 20 කට වැඩි කාලයක් මල්කාටා මාළිගා ප්‍රදේශයේ සේවය කළ නමුත් කැණීම්වලට සම්බන්ධ නොවූ ලකෝවරා පැවසීය.

පිළිම දහස් ගණනක සුන්බුන් සමඟ වීදුරු සහ පිඟන් බඩු සෑදීම සඳහා ගන්නා උඳුන් හා පෝරණු විශාල ප්‍රමාණයක් එහි අඩංගු බව අමෙන්හොටෙප් III ගේ පාලන සමයේ විශේෂඥයකු වන බෙට්සි බ්‍රයන් මහත්මිය පැවසුවාය.

" III වන අමෙන්හොටෙප් වැනි ශ්‍රේෂ්ඨ හා ධනවත් පාලකයෙකු යටතේ පැවැති නිෂ්පාදන මධ්‍යස්ථාන සොයා ගැනීම සඳහා මෙන්ම ඒ කාලයේදී ඊජිප්තුවරුන් කළ දේ පිළිබඳ විස්තර මේ මගින් විවර වේ. මෙය ඉදිරි වසර ගණනාව තුළම අපට දැනුම ලබා දෙනු ඇත." යයිද බෙට්සි බ්‍රයන් මහත්මිය පැවසුවාය.



අදහස් (1)

වසර 3000 ක් පැරණි නගරයක් ඊජිප්තුවෙන් මතුවෙයි

kamal Saturday, 10 April 2021 04:04 AM

අපේ 2500ට වඩා පැරැණි එකක්..? වෙන්න බැහැ. ඕක සුද්දෝ හදපු කම්පියුටර් ජිල්මාර්ට් එකක්..

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 243 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site