වසර 40 කට පසු සිරියාවේ පෙරේදා (7) පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විණි.
සිරියා රජය ප‍්‍රකාශ කළේ, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද වුවද එරට වැසියන් යුහුසුළුව ඡන්දය ප‍්‍රකාශ කළ බවය. විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනපති බෂීර් අල් අසාද් එම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවට පොරොන්දුවක් ලබා දෙමිනි. එම තීරණය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ගේ පවා ප‍්‍රශංසාවට ලක් විය. කෙසේ නමුත් සිරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා නැවැත්විය
යුතු යැයි මහ ලේකම්වරයා දිගින් දිගටම කියා සිටී. පෙරේදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රෝඩාවක් බවත් එය ජාත්‍යන්තරය නොමඟ යැවීමට සිරියා ජනපති සිදු කළ උප්පරවැට්ටියක් බවත් එරට විපක්ෂ කණ්ඩායම් පවසයි. ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ එක්වී රජයේ ආරක්ෂක අංශවලට එරෙහිව මාස 14 ක් තිස්සේ සටන් වදින්නේ එම විපක්ෂ කණ්ඩායම්ය.
ආරක්ෂක අංශ සහ කැරැලිකරුවන් අතර ගැටුම්වලින් මේ වනවිට 9000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
සිරියා මැතිවරණ මණ්ඩලයේ ප‍්‍රධානී කලාෆ් අල් අසාවී කියා සිටියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වුවත් ඒවා මැතිවරණ කටයුතුවලට බාධාවක් සිදු නොවූ බවත් බොහෝ දෙනා ඡන්දය ප‍්‍රකාශ කළ බවත්ය. මැතිවරණය පැවැත්වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් කොෆී අනන් සහ අරාබි ලීගය එක් වී සිරියාවේ අර්බුදය නිමා කිරීමට සාම වැඩ පිළිවෙළක් හඳුන්වා දී ඇති අවස්ථාවකදීය. එම සාම සැලැස්ම නිසි ලෙස කි‍්‍රයාත්මක වෙනවාදැයි සෙවීමට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයෝ 30 දෙනෙක් ද සිරියාවට පැමිණ සිටිති.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වසර හතළිහකට පසු සිරියාවේ මැතිවරණයක්