වැලිවේරිය සිදුවීමට තුඩුදුන් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවෙන් පරිසරයට හානිකර අපද්‍රව්‍ය බැහැර කර ඇතැයි දැනට කරගෙන යන පරීක්ෂණ වලින් තිීරණය වුවහොත් එම කර්මාන්තශාලාව වසා දැමිීමට පසුබට වන්නේ නැතැයි රජය කියයි.
‘‘ඩිප්ස් ප්‍රොඩක්ට්ස් පී.එල්.සී.‘‘ නම් වන මේ කර්මාන්තශාලාවෙන් නිපදවන ලබන අත්වැසුම් රටවල් 70 වකට පමණ අපනයනය කෙරේ. මෙම කර්මාන්තශාලාව රටට විශාල වශයෙන් රටට විනිමය උපයයි.
පරිසරයට විෂ බැහැර කර ඇතැයි පරීක්ෂණ වලින් තීරණය වුවහොත් කර්මාන්තශාලාව වසා දමන බව නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත
අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන්නේ අධිකරණයේ අධීක්ෂණය යටතේ බවත් පරීක්ෂණ තොරතුරු අනුව කර්මාන්තශාලාව වසා දැමිමට අධිකරණය නියෝග කරයි නම් එම නියෝගය කි‍්‍රයාත්මක කිරීමට රජය කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
පරිසරයට හානිකර වන කිසිදු ද්‍රවයක් තම කර්මාන්තශාලාවෙන් බැහැර කර නැතැයි එහි කළමණාකාර අධ්‍යක්ෂක අචාර්ය මහේෂ් රණසෝම පවසයි. එයි.එස්. ඕ 4001 තත්ත්ව සහතිකය පවා ලබාගැනීමට සමත්ව ඇති තම කර්මාන්තශාලාව සියලූ පාරිසරික නීති හා රෙගුලාසි වලට යටත්ව පවත්වාගෙන ගිය බව ඔහු අවධාරණය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ වාසියට ගොරකා දඩමස් කරන රටක්නේ මේක.(නදී)
දේශපාලනඥයන්ට ඕක හරි ලේසියි කියන්න. ඊළඟට එන ප්‍රශ්නවලට උත්තරත් තියාගෙනම කිව්වනම් තමයි හොඳ. ඒ කියන්නේ,600 කට රස්සාව නැතුව පාරට වැටුනාම ඒ දරුපවුල් නඩත්තුවට මොකද කරන්නේ, අහිමිවන විදේශ විනිමය කන්දරාව කොහෙන්ද හොයන්නේ ආදී ප්‍රශ්න. (නදී)
සයුරෙන් එතෙර තීරුවට මේ පුවත යොමුකරන්න පෙලඹුනේ යුගයේ අවශ්‍යතාව මත වෙන්නනැති. (නදී)
හොයලා බලලා වැරදි කරපු ජාතිද්‍රෝහීන් ඇමරිකාවේ කරනවා වගේ ජීවිතේටම හිරගත කරන්න.කවුද ඇත්ත කියන්නේ කියල රටට හෙළිකරන්න (නි)
උපාලි සහ බන්දුල පෙරේරා, එකක් මතක තියාගන්න. මේ රටේ ඇල දොළ ගංගා, ගහ කොළ සතා සීපාවා ජාතිය සංස්කෘතිය විනාස කර ගෙනෙන විදේශ විනිමය හරියට තමන්ගේ දරුවා බිරිද ගණිකා කමට යොදවා සල්ලි අරන් කසිප්පු බොන නින්දිත පිරිමියෙක් වගේ. එහෙම කම්හල් වැහෙන එක හොදයි. තව දෙයක් මතක තියාගන්න. මෙවැනි කම්හලකින් නිෂ්පාදන මිලදී ගැනීම බටහිර රටවල්වල නීතියට පටහැනි නිසා වැඩිකල් නොයා වැසීමට සිදුවන බව.(නදී)
ඔය පැත්තේ අයිස්ක්‍රීම් කම්හලකුත් ඔය විදියටම වහලා දැම්ම නේද? (නදී)