ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් ධුරය පෙරේදා (1) වරුන් ගාන්ධිට හිමිවිය.
වරුන් ගාන්ධි, ඉන්දීය පාලක කොංග‍්‍රස් පක්ෂයේ මහ ලේකම් රාහුල් ගාන්ධිගේ ඥාති සොහොයුරාය. ඔහු රාහුල් ගාන්ධිගේ පියා වූ රජිව් ගාන්ධිගේ සොයුරු සංජයගේ පුත‍්‍රයාය.
දේශපාලනයට නවකයකු වන වරුන්, භාරතීය ජනතා පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් කෙරුණේ ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා පක්ෂයට නව ජවයක් ලබා දීමට යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පවසති.
ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ලාබාලතම මහ ලේකම්වරයා වන්නේ ද වරුන් ගාන්ධිය. ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය මහ මැතිවරණයේදී අගමැති ධුරය වෙනුවෙන් රාහුල් ගාන්ධි තරඟ කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුකිරි බෝලයක් වගේ. හරි හුරතල්. (නි)
ඉන්දියාවේත් ලංකාවෙත් දේශපාලනය තීරණය වන්නේ පුද්ගලයාගේ දක්ෂතාවය,අවංකකම සහ හොඳගති පැවතුම් මත නෙවෙයි. පවුල්වාදය මතයි. (නදී)