ඇමෙරිකා රජය හොර රහසේ සිදුකරන ඔත්තු බැලීම්වලට විරෝධය පාමින්, සමාජ ජාල හිතමිතුරු වෙබ් අඩවි සේවාවක් වන ‘ෆේස්බුක්’ වෙනිසියුලාවේ තහනම් කරමු යැයි වෙනිසියුලාවේ බන්ධගාර ඇමැතිනිය පවසා ඇත.
බන්ධනාගාර ඇමැතිනිය වෙනිසියුලා වැසියන්ගේ මෙම ඉල්ලීම කර ඇත්තේ ඇමෙරිකාවේ එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් රහස් හෙළි කිරීමෙන් පසුවය.
ස්නෝව්ඩන් පවසා ඇත්තේ, ඇමෙරිකාව ලොව පුරා සෑම දෙනා ගැනම ඔත්තු බැලීමට ෆේස්බුක් වෙබ් අඩවිය යොදා ගන්නා බවය. මේ නිසා වෙනිසියුලා වැසියන්, ඇමෙරිකා රජයට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතු යැයි ද ඇමැතිනිය වැඩි දුරටත් කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් අන්ත අදහසක්. මූණු පොත පාවිච්චි කළයුත්තේ සීමාවක් ඇතුවයි (දී)
අපිටත් පුළුවන් අපේම කියලා සමාජ ජාලයක් හදාගන්න. එතකොට අපිට පුළුවන් ලංකාවේ සිද්දවෙන අපරාධත් අඩුකරගන්න. මේක කරන්න බැරී වැඩක් නෙමෙයි. මේවා කරන්න පුළුවන් අය අපි අතර ඉන්නවා. රජයෙන් උදව් කරනවා නම් කරන්න පුළුවන්. (දී)
විකල්ප එකක් හදමු (නි)
විකල්ප වෙබ් අඩවියක් මේ සදහා හදුන්වා දිය හැකි නම් , මෙය සාර්ථක වෙයි (දී)